Archive > May 2018

ඩමි මහත්මයා

‘අනේ දෙයියනේ, මගේ උගුර වැඩ කරන්නෙත් නෑ මෙන්න හොරු, අල්ලපියෝ කියලා කෑ ගහලම. අනික අනිත් හැමෝමවම බේරගනියෝ කියලා කෑ ගහලා මට ඇතිවෙලා. එදා දැක්කනෙ වැඩේ. අර අසමජ්ජාති ෆෝන් එක නොදන්න එකෙක්ගෙ සාක්කුවේ බැහැගෙන ගිය ලස්සන. ම්හ්!! ඒවා වැඩක් නෑ එක අතකින්. පරණ කුණු!!’ ‘ස්…ස්…මේහ්…ටීටී…’ මම කතා කළේ මගේ එහා පැත්තෙ ෆුල් සූට් එකක් ඇඳලා බිම [...]

Continue reading

ඉබන්ගේ කන්ද උඩ දේශනාව

මම මේ කිසි දෙයක් හිතලා කරපු දේවල් නෙවෙයි. ඔක්කොම නිකං ඔහේ පිළිවෙලට සිද්ධ වුණා විතරයි. මම හරි අවංක මිනිහෙක්. ඔව්…ඉතිං කාගෙත් හිත්වල ආසාවන් තියෙනවනේ. බියංකා ට මම කැමති බව ඇත්ත. මිකී මවුස්ට මම කැමති එයාට සිංදු කියන්න පුළුවන් නිසා. ලීනා මැක්ස් නිකං වාත්තු කරපු දේව රූපයක් වගෙයි. ඒත් අමොර්ට තරම් කාටවත් මාව තේරුම් ගන්න බෑ. [...]

Continue reading

ඒත් ඔබ ආස

මම රළ ඔසවාගෙන වෙරළට දිව එන ඇතැයි සිතා නිය ආලේපන ගැල්වූ පා මුදු ලූ සිනිඳු කකුල් රන්වන් වෙරළ අසබඩ කිංකිණි සිනා පාමින් වැල්ල මත පා ගිල්ලවමින් මීදුම පමණි කිංකිණි සිනා නැත ඈතින්-මෑතින්-සොරුන් මෙන් හරවාගෙන මුහුණු පාර දෙස සැර දමා හැරී යන මෝටර් රථ ඒ ඇතුළත, පා මුදු ලූ, නිය ආලේපන ගැල්වූ කිංකිණි සිනා අලංකාරය තරමක් [...]

Continue reading

බිංදුවයි දශම තුන (පුරුෂ)

එයා මාව කට්ට කළුවර ලාච්චුවක දාලා ‘දඩෝං’ ගාලා වැහුවා. තප්පර දෙකෙන් මම තිරයේ ලයිට් එක දාගෙන ඉබන්ගෙ ඊමේල් කියවන්න ගත්තා. මම කලින් නොදැක්ක අලුත් ලේබල් එකක් දැක්කෙ එතකොටයි. ලේබල් එකේ නම ‘ටොම් ඇන්ඩ් සිරී’. ඒක ටිකක් සැක හිතෙන නමක්. ඉබන් කාටුන් බලන කෙනෙක් නෙවෙයි. අමොර් කාටුන් බලන්නෙත් නෑ. මම එකින් එක කියවන්න පටන් ගත්තා. හැම [...]

Continue reading

චපල ඇවකාඩෝ

පොලිස් රාලහාමිලා දෙන්නා බිමට නැවිලා ඉන්න චික බොනීටා අල්ලන්න හදන කොටම කුඹුර පැත්තෙන් කළු බල්ලෙක් දුවන් ආවා. උගේ ඇස් ගිනි බෝල දෙකක් වගේ. පැන්න ගමන් මහත රාලහාමිගේ කකුලෙ බත් කෙණ්ඩ ඇල්ලුවා. එක හුස්මට කෙට්ටු රාලහාමිගේ කලවයේ එල්ලුණා. ‘අමරසිංහ…..දුවපාං….හයියෙන් දුවපාං….කළු බලු පිල්ලියක් මගේ කකුලෙ කෑල්ලක් කෑවා. අයියෝ දුවපාං… මෙහේ වරෙල්ලා…මේ බල්ලට පොල්ලකින් ගහලා මරපල්ලා….යකුනේ….කට ඇරං බලන් [...]

Continue reading


Hit Counter provided by professional seo company
twitter-widget.com