Archive > June 2018

ඉලෙක්ට්‍රික් 16 | ෆෝන් කඩේ පපායා

‘මට සමාවෙන්න ඇවකාඩෝ’ වීදුරු පෙට්ටිය උඩින් එයාව තියපු ගමන්ම මම කිව්වා. ඒ වෙලාවෙ මගේ කටහඬේ තිබ්බෙ සීතල වෙව්ලීමක්. ඇවකාඩෝ පුරුදු හිනාවෙන් මගේ දිහා බැලුවා. ‘ඒකට කමක් නෑ පපායා. ඔයාට ඕන වුණේ අමොර්ගෙ හතුරගෙන් පළිගන්න කියලා මම දන්නවා. ඒත් අමොර් ඔයාව පාවිච්චි කළා විතරයි. බලන්න දැන් අන්තිමට වෙච්ච දේ!’ මගේ පරිපථ කැඩිලා-බිඳිලා, බෙල්ල ළඟ බොත්තම පවා [...]

Continue reading

ඉලෙක්ට්‍රික් 15 | අබලි නගරයේ සමනල්ලු•

අපි හිටියේ උඩු බැලියෙන් වීදුරුවක් ඉඩ වැතිරිලා. වහලෙන් හිම වැටෙන්න පටන් ගත්තෙ ඒ වෙලාවෙමයි. කඩේ අයිතිකාරයා ගණකම, රතු පාට ජැකට් එකක් ඇඳගත්තා. ඊට පස්සෙ එයා ඉබන් වාඩි වෙලා හිටපු, කැරකෙන පුටුව පැත්තට හැරුණා. ඉබන් කමිස සාක්කුවෙන් ඇවකාඩෝ 0.3 අරගෙන වීදුරුව උඩින් තිබ්බා. ‘මොකක්ද සර් ප්‍රශ්නෙ?’ ඉබන් දිග හුස්මක් අරගෙන 0.3 එහෙට-මෙහෙට පෙරලන්න ගත්තා. මගේ පරණ [...]

Continue reading

ඉලෙක්ට්‍රික් 14 | අමොර්ගේ ප්‍රේමාලාප•

‘මට ඕන වුණේ අරූගෙ මුළු ගේම අළු කරලා දාන්න. අමොර් සති ගාණක් තිස්සෙ කඳුළු බිබී, අඬා අඬා හිටපු හැටි මමනෙ දැක්කෙ. ඒ වගේ දිව්‍ය අංගනාවකට වංචා කරන්න පුළුවන් මිනිහෙක් ඉන්නවද මේ තුන් ලෝකෙ? හහ්…මොකෝ නැත්තෙ!! ඔය ඉන්නෙ’ මම පණ කඩාගෙන දුවන්න පටන් ගත්තා. මේ ගිනි පෙට්ටි වගේ ගෙවල් අස්සෙන් දුවලා පාරට එන එක ලේසි නෑ. [...]

Continue reading

ඒත් මට මතක•

ලුහුව ඇවිදින අය ඉරිදාට මුහුදු වෙරළේ, තඹ වැල්ල පාගා, ඒත් රළ නොපාගා දමා හිස එළියට වේගයෙන් දිවෙන දුම්රියෙන් අල්ලා ගනිමි ලුණු රස වේදනාවෙන් බරිත අය සුළඟට විසිකර ගිය ඒත් මට තවම මතක බොත්තම් ලිහූ ඔබේ කමිසය කුපිත වූ සුළඟින් මඬින ලද සිහින් විලවුන් පුසුඹ සමඟින් මුහුණේම දැවටෙන වෙරළක් අහිමි මුහුදක සදාකාලයටම මා ගිල්වන ලද කාංචනා අමිලානි• [...]

Continue reading

පපායා දැල්වූ ගිනි

පාන්දර 5.16 ට අමොර් පණිවුඩයක් එවලා. මම නිදිමරගාතෙම ඒක කියවලා තිරය නිවා ගත්තා. ඒත් නිකමට වාගෙ ආයෙ තිරය පත්තු කර ගත්තා. ‘අපි මේ සම්බන්ධය නවත්තමු’ අමොර් කවදාවත් නැතිව හරි සිංහලෙන් පණිවුඩයක් එවලා. වෙනදට එයාගෙ පණිවුඩ එක්කො සිංග්ලිෂ්, නැත්නම් බරසාර ඉංග්‍රීසි. කෙටි පණිවුඩයක් ඇවිත් කියන්න කීප පාරක්ම සද්ද කරන්න මට සිද්ධ වුණා. රෑ ජාමෙ හතර වටේ [...]

Continue reading

ලව් කොටියා

මම දවසක් ‘සුපර් ඩෝරියෝ’ සෙල්ලම් කරමින් හිටියා. ජෙට් පැක් එකත් අරගෙන දිය අගලට උඩින් පියාඹලා යන්න විතරයි එතකොට ඉතිරි වෙලා තිබ්බේ. දිය අගලේ නිදාගෙන ඉන්න මකරා ඇහැරවන්නෙ නැතිව ගල් පඩිපෙළ උඩට ජෙට් පැක් එකේ නැඟලා යන එක ලේසි නෑ. තව එක ලයිෆ් එකයි ඉතිරි වෙලා තිබ්බේ. ඒ අව් අස්සේ ඉබන් ආවා ආතබූත නැතිව. සුදු පාට [...]

Continue reading


Hit Counter provided by professional seo company
twitter-widget.com