‘මචං දැන් අපි මොකද කරන්නෙ? බොසා දැන ගනීවිද අරක ලීක් කළේ අපි කියලා.’ මූණ පුරා රැවුල වවාගත්ත හීන්දෑරියෙක් එහා පැත්තෙ කියුබිකල් එකට එබිලා මංජිත්ගෙන් ඇහුවා. මංජිත් ඔළුව උස්සලා බලලා සීබී ට රැව්වා. හීන්දෑරි සීබී හොර බළලෙක් වගේ තමන්ගෙ පුටුවෙ වාඩි වුණා. පැන්සලක් හපමින් ටික වෙලාවක් ඉදලා ආයෙත් මන්ජිත්ගෙ කියුබිකල් එකට එබුණා. ‘මන්ජිත් කියපංකො මොනව හරි’ […]
Archive > July 2018
ඉලෙක්ට්‍රික් 20 | බාබඩෝස් 23
මම හිටියේ අමොර්ගෙ ඇද ළඟ. එයාට තාම සිහිය නෑ. අමොර් ගැන මං තරහින් හිටියා තමයි. ඒත් අනේ මේ වගේ කරදරයක් වුණාම කාගෙද හිත උණු නොවෙන්නේ. එයා වාහන එලවන්නේ සෙල්ලම් කාර් එලවන ගාණට. ඒත් ඉතිං වාහනේ හැප්පුණේ නවත්තලා තියෙනකොටනේ. එතකොට මම හිටියේ අමොර්ගෙ ඩෙනිම් සාක්කුවේ. ‘හෙලෝ…නෑ.නෑ. අමොර් නෙවෙයි. අමොර්ගෙ නංගි කතා කරන්නේ. නැහැ. අමොර්ට එන්න විදිහක් […]
ඉලෙක්ට්‍රික් 19 | වික්‍රම්ගේ වික්‍රම
ලිලී බී එක්ස් වන මම මින් පසුව වික්‍රම් නම් මගේ ස්වාමියාගේ පාපතර වැඩ කිසිවකට සහය හෝ අනුබල නොදෙන බවට දිවුරා පොරොන්දු වෙමි. 01010. මම ලියවිල්ලට මැෂින් ලැන්ග්වේජ් එකෙන් අස්සන් තිබ්බා. තව දුරටත් මිනිස් ආශ්‍රයේ ඉන්නවා නම් මේ වගේ පොරොන්දු පත්‍රයක් අස්සන් කරන්න ඕනා කියලා තීරණයකට ආවේ මීට කලින් සිද්ධ වෙච්ච එක්තරා ‘වීඩියෝ ලීක්’ නාටකයකින් […]
ස්වාමීණී; භාග්‍යවතුන් වහන්ස,
ස්වාමීණී; භාග්‍යවතුන් වහන්ස, දන් දෙනු නොහැක ඉපැයූ හෙයින් වියදම් පැන නැගුණ සූසැට බිල් ද, අතමාරු ද, මඟුල් තුලා ද දොර දොර ය නොගියොතින්, නොගෙව්වොතින් කුණා ය, බොරුකාරයා ය, පොලු තබන්නා ය අපවාද ගං වතුර ය ඒ ගිලෙනු නොහැකිය මිතුරන් ද, සතුරන් ද දැන් නොහඳුනමි නෑයන් ද, නොනෑයන් ද මුණ නොගැසෙමි හුදෙකලා කුහරයක් කැණ එතුළ සැඟව […]
ඉලෙක්ට්‍රික් 18 | මකර කටේ වට මේස සාකච්ඡා
ඉබන් මාව ගෙදර අරගෙන ඒවි කියලා මම හීනෙකින්වත් හිතුවෙ නෑ. ඒත් එයාගෙ හදවතේ මං වෙනුවෙන් තෙතමනයක් තියෙනවයි කියලා මට දැනුණා. ගෙදර ආවට පස්සේ දැනුණේ හරි නැවුම් ගතියක්. ෆෝල්ඩර් ගාණක පිරිලා ඉතිරිලා තිබ්බ පින්තූර, වීඩියෝ නැතිව ලොකු බරක් හිතින් නිදහස් වුණා වගෙයි. කොටින්ම කියනවා නම් මම අලුතින් ඉපදිලා වගෙයි මට දැනුණේ. ඒත් ෆෝන් එක රීසෙට් කළා […]
බිග් බෑඩ් වෘකයා සහ සුන්දර හිවල්ලු
බිග් බෑඩ් වුල්ෆ්ලාගේ දෙවැනි ලංකාගමනයෙන් පසුව මදක් නැවතිල්ලේ සිතන්නට වීමි. සියයට 60 සිට සියයට 80 තෙක් වට්ටම් දී පොත් විකුණන්නට හැකි වීම එක්තරා ආශ්චර්යකි. හාපර් කොලින්ස්, ලේඩිබර්ඩ්, පෙන්ගුවින්, හාපර් වොයේජර් ආදී ප්‍රකට සන්නාම සහිත ප්‍රකාශන ආයතනවල පොත් ලංකාවේ විකිණෙන විට තරමක් ඉහළ අගයක් ගනී. එහෙත් වෘකයා නපුරු යැයි කීවාට අහිංසක සහ සාධාරණ පාටය. ගිය වසරේ […]
ඉලෙක්ට්‍රික් 17 | ප්‍රේම ත්‍රිකෝණය
ඉබන්, මම හිතුවා ඔයා මට ඇත්තටම ආදරෙයි කියලා. ඒත් එහෙම දේවල් ලෝකෙ නැහැ. හැම දෙයක්ම ගනුදෙනු විතරයි. මම හිතුවා ඒ ගනුදෙනුව වත් ඔයා හොඳට කරයි කියලා. ෆෝන් කඩේ මිනිහට මගේ ෆෝන් එකේ බැකප් එකක් අරගන්න කියපු එකට බොහොම ස්තූතියි. දැන් මගේ ළඟ ෆෝන් කඩේ මිනිහගෙ බැකප් එකයි ඔයාගෙ ෆෝන් එකේ බැකප් එකයි දෙකම තියෙනවා. ඔයා […]
ඔබ කැමති දිය; ඔබට
අතහැර දැමුණි ඒ ළිඳ බොන්නට නුසුදුසු බව කියමින් දැන් ඔබ පිරිසිදුම ජලය පමණක් බොන දිය සෙවල බැඳි ළිං කට පවා පිළිකෙව් කරන අත්හැර දැමුවාට පසුව, ජල තරංග නංවමින් පීනන මත්ස්‍ය රංචුව නොතකා ගල් කැට හෙළන එහෙම පෙරළියකින් පසුව ඔබ පිළිකෙව් කළ ළිඳ නොතකා යන්නැයි මට බල කෙරෙන දිය නොබොන්නැයි අවවාද කරන මේ සියුම්-දිගු විහිලුව නවතා […]