අතහැර දැමුණි
ඒ ළිඳ
බොන්නට නුසුදුසු බව කියමින්
දැන් ඔබ
පිරිසිදුම ජලය පමණක් බොන
දිය සෙවල බැඳි
ළිං කට පවා පිළිකෙව් කරන
අත්හැර දැමුවාට පසුව,
ජල තරංග නංවමින් පීනන
මත්ස්‍ය රංචුව නොතකා ගල් කැට හෙළන
එහෙම පෙරළියකින් පසුව
ඔබ පිළිකෙව් කළ ළිඳ
නොතකා යන්නැයි මට බල කෙරෙන
දිය නොබොන්නැයි අවවාද කරන
මේ සියුම්-දිගු විහිලුව
නවතා දමනු යුතුය අප
පිපාසය කොතරම්ද
එතරම්ම දිය බීම යෙහෙකි විට
පිළිකෙව් කළද-නොකළද
මා කැමති දිය මට ද
ඔබ කැමති දිය ඔබට ද
සුදුසු මොහොතක
සුදුසු පරිමාණයෙන්
ප්‍රතිචාර
Powered by Facebook Comments
No Comments on "ඔබ කැමති දිය; ඔබට"