ට්‍රේස් එක්ස්පර්ට් සිටි සංකීර්ණයේ එක් අන්තයක සිමෙන්තියෙන් සැදූ පොකුණකි. ඒ මැද්දෑවේ හෙවණනකි. ස්පයිඩර් මෑන් අයිස් ටී එකක් බොන්න අසල සැප සෝෆාවේ ඈදි ගත්තා පමණි. හදිසියේම ඔහුගේ දුරකතනය නාද වුණි. හෙතෙම මුහුණු ආවරණය ලාගෙනම දුරකතනය කනේ තබාගෙන එහා කොනේ සිටින්නාට යමක් පැහැදිලි කරන්නට පටන් ගති. ඊට හූවක දුරින් වුල්වරීන් ස්වකීය ලෝහමය නියපොතුවලින් සුනඛයකුගේ හිස පිරිමදිනු පෙනෙයි. ‘ඇක්ෂන් […]
Archive > August 2018
අපි එනකන්
ගාලු කොටුවේ ගෙය අපි එනකන් ඇවිද, ඇවිදම ඇති නේද සති අන්තේ දවස් දෙකේම උදේට යනවැති ලයිට් හවුසියට දවාලට මෙරිටයිම් මියුසියමට රාත්තිරියේ පරණ ඩොක් යාඩයට සතියේ දවස්වල ඇති බකංනිලාගෙන වැස්සත් – අව්වත් එකයි හිතාගෙන පෙණ උතුරන බීර වීදුරු හිතින් මවාගෙන රැජින වීදියෙ සමර බිත්ති දිහා බලාගෙන දුම් නඟින උඟුරු තේ ඇති කඩයකට ගොඩවදින්නම හිතාගෙන මේ ලොකු […]
ඉලෙක්ට්‍රික් 24 | කළු කුහරයේ කතාව
‘මගේ පපායා’ අමොර් මහ සද්දෙන් කෑ ගැහුවා. ඊට පස්සේ හෝම් බට්න් එක ඔබලා ෆින්ගර් ප්‍රින්ට් එක තිබ්බා. තොරණෙ ලයිට් පත්තුවෙන්න පටන් ගත්තෙ එතකොටයි. ‘කෝ ෂර්ලොක් හෝම්ස්’ ලෝලා ඇතුළු පිරිවරගෙන් අමොර් හරිම බරපතලව ප්‍රශ්න කළා. ‘අනේ අපි දන්න නෑ පුතේ එහෙම කෙනෙක්. අමොර්ගෙ තාත්තා යාප්පුවෙන් කිව්වා. අම්මා තාමත් නිච්චියක් නැතිව ඔහේබලාගෙන ඉන්නවා. අමොර් ලෝලා දිහාවට හැරුණා. […]
ඉලෙක්ට්‍රික් 23 | අමොර්ගේ හේමන්ත නිද්‍රාව
ඒ වෙලාවෙ ලෝලා හිටියේ කොරිඩෝවක. මාව එක සාක්කුවක දාගෙන, අනිත් සාක්කුවෙ ගමීබෙයාර් 88 දාගෙන. එතකොටත් මට මගේ ජීවිතේ අන්තෙටම තිත්ත වෙලයි උන්නේ. ෆෝන් එකක් වුණාම නිතර චාජ් කරන්න එපෑයැ. අමොර්ට සිහිය නැති වුණත් හරි මාව පිළිවෙලකට චාජ් කරන්න කිසි කෙනෙක්ට වුවමණාවක් නෑ. එක දවසක් ලෝලාගෙ අතින් මාව බිම වැටිලා පිටිපස්සෙ තිබුණු හීනි වීදුරු කෑල්ලකුත් බිඳුණා. […]
ඉලෙක්ට්‍රික් 22 | ලෙසතුගේ සාපය
ගෑනියෙක් ලෙසතුට කන පුපුරන්න ගහනකන්ම මම හිටියේ සිහින ලෝකෙක. ලෙසතු කරන, කියන දේවල් ඔක්කොම මම දැනගෙන හිටියා කියලා හිතුවට ලෙසතු කරපු දේවල්වලින් මම මොනවද හැබෑටම දැනගෙන ඉඳලා තියෙන්නේ? මොකුත් නෑ. මොකුත්ම නෑ. ඒ වෙලාවෙ මම හිටියේ ලෙසතුගේ දකුණු අතේ. සුදූ ගැහුවේ ලෙසතුගෙ වම් කම්මුලට. හරියටම හෙණයක් වැදුණා වගේ ලෙසතු වටයක් කැරකැවිලා ගියා. ඒත් එක්කම මාව […]
විමානය යක්ෂ
විමානය යක්ෂ වුව ඇතුළෙන් නැඟෙන පුයර ටැල්කම් පොවා හිස විමනට නාස් පුඩු සුසර කර පුසුඹට මායම්ව ඇවිද යා හැක යකු දෙපතුලට ඔසව-ඔසවා හිස නලව-නලවා කෙස්ස නැරැඹිය හැකිය කේෂාන්තයේ සිට පාදාන්තයට ඒත් ඔබ දේව; යකුන් නොතකන බිය ද, සැක සාංකාව ද හට නොගන්න ඉදහිට තොල්පට සැලෙන සැවැන්දරා මුල් ලූ රෙදි පෙරෙදිවල වැරැදිම පෙනෙන ඒ සුවඳ අල්ප […]
සිනාසී තර වුණ අය
සිනාසී තර වුණ අය දැන් හැම තැම කහ ඉරෙන්වත් පාර මාරු වනු නොහැක තදබදය පවා මේද තට්ටුවලින් වැසී තිබෙන දුම්රථවල, බස් රථවල හොරකම් නොකළ, බය නැති සිටු-මැතිවරු දෛනිකව දෙයි තොත්තු සිටගෙන-වාඩිගෙන-බිම පෙරලීගෙන මැද පේලියේ කෙසඟ සුළුතරය සිනාසෙන්නටවත් පණ ඉතිරි නැති අය දවසේම මැෂින්වලට තෙල් දමන යකඩ ඇණ, නට්, බෝල්ට් කන රෑ නින්දෙනුත් වමාරා කන ගෑස් […]