විමානය යක්ෂ වුව
ඇතුළෙන් නැඟෙන පුයර ටැල්කම්
පොවා හිස විමනට
නාස් පුඩු සුසර කර පුසුඹට
මායම්ව ඇවිද යා හැක
යකු දෙපතුලට
ඔසව-ඔසවා හිස
නලව-නලවා කෙස්ස
නැරැඹිය හැකිය
කේෂාන්තයේ සිට පාදාන්තයට
ඒත් ඔබ දේව;
යකුන් නොතකන
බිය ද, සැක සාංකාව ද හට නොගන්න
ඉදහිට තොල්පට සැලෙන
සැවැන්දරා මුල් ලූ රෙදි පෙරෙදිවල
වැරැදිම පෙනෙන
ඒ සුවඳ අල්ප නම්
ටැල්කම් පුරය අනල්ප බව සිතන
විමානය යක්ෂ බව දැන දැනම
දොර හරින
යළි ඉන් පිට නොවන
ඒත් ඔබ දේව;
කතාවේ හැටියට
පොතේ හැටියට
හිතේ හැටියට
තමන්ගේ තරම නොවැටහෙන
කාංචනා අමිලානි | ජූලි 29
ප්රතිචාර
Powered by Facebook Comments
No Comments on "විමානය යක්ෂ"