ඔබ මනුෂ්‍යය; මට එය හිරිහැර මම පුටුවක්; සැමට ප්‍රයෝජන නම් සහ සිරුරු තිබුණාට සිනාසෙන්නට-හඬන්නට පුළුවන් වුණාට මට මනුෂ්‍යව වෙසෙන්නට හැකිද කොතරම් තැත් කළත් ලිස්සා බිම වැටෙන ගැට්ටක අඩමානව මේ ව්‍යාජ ජීවිතයේ සව් කොළ ඇලවූයෙමි වෙනත් අයද, මම ද ඒ ආලෝකවත් කළෙමි නිවි-නිවී-ද්ලී-නොදිලී වෙහෙසට පත් වීමි දැන් දනිමි මම පුටුවක්; සැමට ප්‍රයෝජන ඔබ මනුෂ්‍ය; මට ඉතා […]
Archive > October 2018
ගෙතුළ නිශ්ශබ්ද ය
හදිසියේ අහස කඩාගෙන වැටුණි නිල් තල්මසුන්ද, කොකටුවන් ද දැන් ගෙතුළ ය සාලය පුරා සීතලට වතුර ගලන නිල් තල්මසුන් පුටු සෙටිය යට ලගින කොකටුවන් යුවළ එකට තුරුළුව මැද කාමරයේ කිළිටි කූඩය උඩ වලාකුළක කොටසක් අම්මාගේ ඇඳ කෙලවරක ‘මියෑව්’ හඬ සමඟ ‘සිවිලිම් ඛන්නා’ වලාකුළට කොට්ටා අතින් පහර දෙන…. අම්මා නිදන පිටුපස කාමරය මැද දේවතා එළි කීපයක් නිවි […]
ද්‍රව පිරවුම•
තේ කෝප්ප වැනි ද්‍රව දරන පිරවුමකි ‘මතකය’ පෝසිලේන් මල් ලියකම් සුපිපි තේ කොළ නටන පතුලකි ආලය ගින්නේ ලූ හෙයින් ගිනියමින් දෙතොල බැඳෙන පැණි රසේ ලූ හෙයින් මීරි මී පැණි උනන ද්‍රව පිරවුමෙන් නොසන්සුන් ඇඟිලි වෙව්ලන පීරිසිය මත හුමාලයෙන් ලියවැල් ඇඳෙන දෙතොල් පහරක කහට පැල්මක් සිටින දහදිය මතුවු අත්ලෙන් පිසලන්න නොලැබ පිරවු මතකය සැනින් බිම වැටී […]
කාල රේඛාව
සුනම්‍යව පැවැති කාල රේඛාව බිඳී ඉහිරී ‘යමි’ යි සිතාගෙන කඳු මුදුන්, සාගර පතුල් පිරික්සුවද කිසිවකු මා භාර නොගනී පැටි වියේ පටන් එහෙමයි ‘කිසිවකු ඔබව භාර නොගනී’ මම මා තුළම ගිලෙමි පටු මතක දෙබොක්කා තුළට වැදී කුඩා එළියක් දල්වමි ඒත්, මතකය ඔබව භාර නොගනී කෲරත්වය උගන්නා තෙක් කිසිවකු ඔබව භාර නොගනී මෘදු තතු කියන්නට නතර […]
ඉලෙක්ට්‍රික් 25 | මළගිය පපායා
මාව අන්ධකාරෙකට වැටුණා. ඒත් ඒ අන්ධකාර කුහරෙ ඇතුළේ පතුලක් තිබ්බෙ නෑ. හැම තැනම අපිළිවෙල වයර් එල්ලෙනවා විතරයි මට පෙනුණේ. ඒ මදිවට තඹ කොළ දියසෙවල පාට රැම් කෑලි පාවෙවී මම ඉන්න පැත්තට ආවා. සමහර තැන්වල ලොකු කාන්දමක එතුණ පොඩි තඹ තහඩු සර්පයෝ වගේ දගලනවත් පේන්න ගත්තා. මට තේරුණා මගේ කාලෙ ඉවරයි කියලා. ආයෙ බැටරි බැස්සා කියලා […]
මයිලපත් සමනලුන්ගේ හදක් බර; තෙත කවි•
“ආයෙමත් එන්නේ ම නෑ’ කියා මා පලා ආ දිනෙක ඈ මයිල ගස කැපුවා ඉතා සාහසිකව විකල් සිහියෙන” පිටකවරයේ මඩ පැහැති පසුබිමේ පත්රයකි. පත්‍රයේ බෙදුම් රේඛාවෙන් වම් පැත්තේ එක ගොඩේ ලියූ ‘මයිලපත් සමනල්ලු’ අකුරු පදාසයකි. රවුමට, රවුමට ඒ වටා පැදකුණු කරන්නට ආරාධනා කරන සුළුය. කවරයේ පසුපස මයිලපත් සමනල්ලු කවියේ ඉහත උදෘතය යි. මේ කවි සුජීව […]