වසර කීපයකට පෙර මම; හුස්ම ගන්නට පුළුවන් කෙනෙකි ආදරය පවා කරන්නට සුදුසුකම් ලත් අයෙකි බඹර සේනා අවට ගුම් නොගැයුවත් කාන්දම් බල නොලැබුවත් හුස්ම ගන්නට පුළුවන් කෙනෙකි දැන් මා මුණගැහෙන අතරමඟ දොර-ජනෙල් වසමින් ගෙවල් අගුළුලමින් එකිනෙකා පැන යති නහය හකුලවති ඔරු-පාරු පවා ගොඩවන්නට නොදෙති උහු ඔහේ ගංදියේ පාවෙමින් හිදිති එක් දීර්ඝ බොරළු පාරක කිසිදා නොදුටු මල් […]
Category > කවි
පින්තූර
බඳුන් බිඳී ඇතැයි සිතා නොපුරවා සිටින විට කොහේ හෝ ඈත අවකාශයක සිට පැමිණි පින්තූර පුරවයි නොබිඳුණු බඳුන් 01-11
චූල කවි•
අත බැඳ තැබුණු වයර් ගැලවූ පසු ය දැන් මළ මුහුද මෙන් ශාන්ත ය රළ නොගසයි අංකිත පුවරුවක සියලු දනා ලියූ හෙයින් ය මේ මුණගැසීම *මිහිදල් දාපුල ය ආ හෙයින් ලියූ කවි ය ආපසු හැරී ආ හෙයින් මා නොලියූ කවි ය හිත බැඳ තැබුණු වයර් ද ගැලවූ පසු ය දැන් ශෝකය ය ඉමොජිගත සාංකාව ය කිසිවකු […]
ටැංකිගත
මා පීනමින් සිටි ආර කුමක්දැයි විමසා එවූ ලිපිය ලැබුණි ස්තූතියි! කිසි විශේෂයක් නැති මාළුවකු දුටුවාට ඒත් මම, මට අයිති නැති ටැංකියක පීනන රතු කරමලුන් හා වරල් සසඳන ටෑන්ක් ක්ලීනර්ගෙන් ‘ආදරේ පාට’ අහන ෆයිටර්වරුන්ගෙන් ඇති වෙන්න කෙටුම් ලබන මේ විසුළු සහගත ජීවිතය කරන්ට් වද්දාගෙන අවසන් කරගන්න හිතෙන ඒ අතර, කුමන ආරට පීනන්නෙදැයි අසා එවන මාළු කෑම […]
ඔබේ මනුෂ්‍ය බව
ඔබ මනුෂ්‍යය; මට එය හිරිහැර මම පුටුවක්; සැමට ප්‍රයෝජන නම් සහ සිරුරු තිබුණාට සිනාසෙන්නට-හඬන්නට පුළුවන් වුණාට මට මනුෂ්‍යව වෙසෙන්නට හැකිද කොතරම් තැත් කළත් ලිස්සා බිම වැටෙන ගැට්ටක අඩමානව මේ ව්‍යාජ ජීවිතයේ සව් කොළ ඇලවූයෙමි වෙනත් අයද, මම ද ඒ ආලෝකවත් කළෙමි නිවි-නිවී-ද්ලී-නොදිලී වෙහෙසට පත් වීමි දැන් දනිමි මම පුටුවක්; සැමට ප්‍රයෝජන ඔබ මනුෂ්‍ය; මට ඉතා […]
ගෙතුළ නිශ්ශබ්ද ය
හදිසියේ අහස කඩාගෙන වැටුණි නිල් තල්මසුන්ද, කොකටුවන් ද දැන් ගෙතුළ ය සාලය පුරා සීතලට වතුර ගලන නිල් තල්මසුන් පුටු සෙටිය යට ලගින කොකටුවන් යුවළ එකට තුරුළුව මැද කාමරයේ කිළිටි කූඩය උඩ වලාකුළක කොටසක් අම්මාගේ ඇඳ කෙලවරක ‘මියෑව්’ හඬ සමඟ ‘සිවිලිම් ඛන්නා’ වලාකුළට කොට්ටා අතින් පහර දෙන…. අම්මා නිදන පිටුපස කාමරය මැද දේවතා එළි කීපයක් නිවි […]
ද්‍රව පිරවුම•
තේ කෝප්ප වැනි ද්‍රව දරන පිරවුමකි ‘මතකය’ පෝසිලේන් මල් ලියකම් සුපිපි තේ කොළ නටන පතුලකි ආලය ගින්නේ ලූ හෙයින් ගිනියමින් දෙතොල බැඳෙන පැණි රසේ ලූ හෙයින් මීරි මී පැණි උනන ද්‍රව පිරවුමෙන් නොසන්සුන් ඇඟිලි වෙව්ලන පීරිසිය මත හුමාලයෙන් ලියවැල් ඇඳෙන දෙතොල් පහරක කහට පැල්මක් සිටින දහදිය මතුවු අත්ලෙන් පිසලන්න නොලැබ පිරවු මතකය සැනින් බිම වැටී […]
කාල රේඛාව
සුනම්‍යව පැවැති කාල රේඛාව බිඳී ඉහිරී ‘යමි’ යි සිතාගෙන කඳු මුදුන්, සාගර පතුල් පිරික්සුවද කිසිවකු මා භාර නොගනී පැටි වියේ පටන් එහෙමයි ‘කිසිවකු ඔබව භාර නොගනී’ මම මා තුළම ගිලෙමි පටු මතක දෙබොක්කා තුළට වැදී කුඩා එළියක් දල්වමි ඒත්, මතකය ඔබව භාර නොගනී කෲරත්වය උගන්නා තෙක් කිසිවකු ඔබව භාර නොගනී මෘදු තතු කියන්නට නතර […]
මයිලපත් සමනලුන්ගේ හදක් බර; තෙත කවි•
“ආයෙමත් එන්නේ ම නෑ’ කියා මා පලා ආ දිනෙක ඈ මයිල ගස කැපුවා ඉතා සාහසිකව විකල් සිහියෙන” පිටකවරයේ මඩ පැහැති පසුබිමේ පත්රයකි. පත්‍රයේ බෙදුම් රේඛාවෙන් වම් පැත්තේ එක ගොඩේ ලියූ ‘මයිලපත් සමනල්ලු’ අකුරු පදාසයකි. රවුමට, රවුමට ඒ වටා පැදකුණු කරන්නට ආරාධනා කරන සුළුය. කවරයේ පසුපස මයිලපත් සමනල්ලු කවියේ ඉහත උදෘතය යි. මේ කවි සුජීව […]
නො එවන්න
පණිවුඩය: ඇය අත මල් නොඑවන්න. පිළිතුර: පෙම්වතුන් බිය ගන්වන විසුළු ආයුධයකි වෛරය මුදු මුදුව ඉහළට නැඟුණ වරලස කඩා ඉහිරවා ඇය ළඟ බිමට නොවැටෙන්නට අල්ලාගෙන වරලස ගැවසූ මල් කිහිපය එවමි ඈ අත; සිපුම් ඉවසන කන් පෙත්තක සිහිපත් කරන්නට ඕනෑ විට නිහඩ වෘතයක පසු නොවන පෙම්පත කියවා-නොකියවා ඇස් පියවන්න බල කෙරෙන විට කෙතරම් කෲරයිද මල් සුවඳ ඇගේ […]