Category > කවි

අවධානම

මාරක ලිදේ මෝටර් සයිකලයක් මම අවධානමක් ගෙන කැරකෙන

Continue reading

විමානය යක්ෂ

විමානය යක්ෂ වුව ඇතුළෙන් නැ‍ඟෙන පුයර ටැල්කම් පොවා හිස විමනට නාස් පුඩු සුසර කර පුසුඹට මායම්ව ඇවිද යා හැක යකු දෙපතුලට ඔසව-ඔසවා හිස නලව-නලවා කෙස්ස නැ‍රැඹිය හැකිය කේෂාන්තයේ සිට පාදාන්තයට ඒත් ඔබ දේව; යකුන් නොතකන බිය ද, සැක සාංකාව ද හට නොගන්න ඉදහිට තොල්පට සැලෙන සැවැන්දරා මුල් ලූ රෙදි පෙරෙදිවල වැ‍රැදිම පෙනෙන ඒ සුවඳ අල්ප [...]

Continue reading

සිනාසී තර වුණ අය

සිනාසී තර වුණ අය දැන් හැම තැම කහ ඉරෙන්වත් පාර මාරු වනු නොහැක තදබදය පවා මේද තට්ටුවලින් වැසී තිබෙන දුම්රථවල, බස්‍ රථවල හොරකම් නොකළ, බය නැති සිටු-මැතිවරු දෛනිකව දෙයි තොත්තු සිටගෙන-වාඩිගෙන-බිම පෙරලීගෙන මැද පේලියේ කෙසඟ සුළුතරය සිනාසෙන්නටවත් පණ ඉතිරි නැති අය දවසේම මැෂින්වලට තෙල් දමන යකඩ ඇණ, නට්, බෝල්ට් කන රෑ නින්දෙනුත් වමාරා කන ගෑස් [...]

Continue reading

ස්වාමීණී; භාග්‍යවතුන් වහන්ස,

ස්වාමීණී; භාග්‍යවතුන් වහන්ස, දන් දෙනු නොහැක ඉපැයූ හෙයින් වියදම් පැන නැගුණ සූසැට බිල් ද, අතමාරු ද, මඟුල් තුලා ද දොර දොර ය නොගියොතින්, නොගෙව්වොතින් කුණා ය, බොරුකාරයා ය, පොලු තබන්නා ය අපවාද ගං වතුර ය ඒ ගිලෙනු නොහැකිය මිතුරන් ද, සතුරන් ද දැන් නොහඳුනමි නෑයන් ද, නොනෑයන් ද මුණ නොගැසෙමි හුදෙකලා කුහරයක් කැණ එතුළ සැඟව [...]

Continue reading

ඔබ කැමති දිය; ඔබට

අතහැර දැමුණි ඒ ළිඳ බොන්නට නුසුදුසු බව කියමින් දැන් ඔබ පිරිසිදුම ජලය පමණක් බොන දිය සෙවල බැඳි ළිං කට පවා පිළිකෙව් කරන අත්හැර දැමුවාට පසුව, ජල තරංග නංවමින් පීනන මත්ස්‍ය රංචුව නොතකා ගල් කැට හෙළන එහෙම පෙරළියකින් පසුව ඔබ පිළිකෙව් කළ ළිඳ නොතකා යන්නැයි මට බල කෙරෙන දිය නොබොන්නැයි අවවාද කරන මේ සියුම්-දිගු විහිලුව නවතා [...]

Continue reading

ඒත් මට මතක•

ලුහුව ඇවිදින අය ඉරිදාට මුහුදු වෙරළේ, තඹ වැල්ල පාගා, ඒත් රළ නොපාගා දමා හිස එළියට වේගයෙන් දිවෙන දුම්රියෙන් අල්ලා ගනිමි ලුණු රස වේදනාවෙන් බරිත අය සුළඟට විසිකර ගිය ඒත් මට තවම මතක බොත්තම් ලිහූ ඔබේ කමිසය කුපිත වූ සුළඟින් මඬින ලද සිහින් විලවුන් පුසුඹ සමඟින් මුහුණේම දැවටෙන වෙරළක් අහිමි මුහුදක සදාකාලයටම මා ගිල්වන ලද කාංචනා අමිලානි• [...]

Continue reading

ඒත් ඔබ ආස

මම රළ ඔසවාගෙන වෙරළට දිව එන ඇතැයි සිතා නිය ආලේපන ගැල්වූ පා මුදු ලූ සිනිඳු කකුල් රන්වන් වෙරළ අසබඩ කිංකිණි සිනා පාමින් වැල්ල මත පා ගිල්ලවමින් මීදුම පමණි කිංකිණි සිනා නැත ඈතින්-මෑතින්-සොරුන් මෙන් හරවාගෙන මුහුණු පාර දෙස සැර දමා හැරී යන මෝටර් රථ ඒ ඇතුළත, පා මුදු ලූ, නිය ආලේපන ගැල්වූ කිංකිණි සිනා අලංකාරය තරමක් [...]

Continue reading

ඇවකාඩෝ හදවත

“ඇවකාඩෝ 0.2 අමතන්න; අමතන්න. අපි ඔබේ පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. අමතන්න; වහාම අමතන්න.” මාව ගැස්සිලා ඇහැරුණා. හදිස්සිය කොයි තරම්ද කියනවා නම් 5.30 ට සද්ද කරන්න ඕනා එලාම් එක 5.10 ට සද්ද කළා. පාන්දර 5.00 ඉදන් 6.00 වෙනකන් එලාම් 10 ක් විතර තියලා තියෙන නිසා හොඳයි. මට වැරැදුණා කියලා කාටවත් තේරුණේ නෑ. මමත් හෙමිහිට අතපය අකුලගෙන ආයෙ [...]

Continue reading

චතුරස්‍රයට ආ අලුත් සංචාරකයා

නැරැඹීම තමා සතු අයිතියක් බව අඩි හප්පා කළෙන් තර්ජන නගරය සතු අලංකෘත සියලු දේ (පිළිම ඇතුළුව) දැන් චතුරස්‍රය මැද වීනස් ඔබත් එතැන අතක් අහිමිව සළුව බාගෙට පොරවගෙන කාමාතුරයන් අතට පත් වෙන්න නියමිතව වීනස් මම මෙතන කාමාතුරයන්ට මඟ පෙන්වමින් පැණි රස බීම පිරිනමමින් මේ අපේ දෛවය ඔබ කියාවි කැඩුණු අත දෙස බලමින් “ගල් වෙන්න ඇහැකි නම් [...]

Continue reading

කළ යුතු දේ නැතිද එකක්, දෙකක්වත්

පිපිරී යුෂ ගලන මිදි ඵලයක් සේ නිස්කාරනේ දියවී ගියෙන් නෙළූ අත ද, බහාලූ කූඩයද පුපුරුවා හල සුරත ද ස්මරණයට ගතිමි “ජලය පිරවූ බඳුන ඔබ නිසොල්මනේ යා යුතුය දිය ඉහිරවා අවට හැඩි නොකළ යුතු” සොඳුර, කළ යුතු දේ නැතිද එකක්, දෙකක්වත් මට උරුම? ගසා දමමි අත “මදක් ඉවසා අවට නරඹන්න” යැයි කියන වසා දමමි කවුළුව දේදුන්න [...]

Continue reading

prev posts prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com