Category > කෙටි සටහන්

අන්ධයි•ආලය•

කාටවත් බෑ කාවවත් හොරකම් කරන්න. මොකද ‘කාවවත්’ කාටවත් නොපෙනී අරගෙන යන්න බෑ. අපි කාවහරි හොරකම් කරගන්න හදනකොටම මුළු ලෝකෙටම ඒක පේන්න ගන්නවා. ඒක වෙන්නෙ මෙහෙමයි. සරලයි, හැබැයි පැටලිලි සහගතයි. මනුස්ස ශරීරයක් හොරකම් කිරීම බරපතල වුණාට හොරකම සිද්ධ වෙන්නේ ශරීරාංගය බැගින් නිසා වැඩේ ඒ තරම් බරපතල නෑ. දැන් බලන්න මුලින්ම ඇස් දෙක. කවුරු හරි හොරකම් කරගෙන [...]

Continue reading

මානසවිල :කැළැඹීම:

සිහිනය අංක 226• මතු මහළ දොරටු හැරී ඒ මහා ශබ්දයෙන් වසමින් කෙනෙකු ආයෙන් කාලය ද; ආසාව ද: දඩුවමට බිය සිත ද එකවර නතර විය. සාමාන්‍ය ඔරලෝසුවේ වේගය එහිම කුඩා අංශු බවට පෙරලාගෙන හෙමින් ගමන් කරන්නට විය. දැන් සියල්ල නිශ්චලැයි කිව හැකි නොවේ. දැන් මට සියල්ල නැවතිල්ලේ පෙනෙන්නාක් මෙනි. මතු මහළ සැඟැවී සිට ඔහු ද; ඔබ [...]

Continue reading

ප්‍රේම ත්‍රිකෝණෙ•

එයා මට කතා කළා කතා කරන්න. ඒ වුණාට ඒ වෙලාවෙ බෑ කතා කරන්න. මං හිටියේ බඩේ අජීර්ණයක් හැදිලා. බඩ සහ කට අතර අනුලෝම හරි ප්‍රතිලෝම හරි සම්බන්ධයක් නැති වුණාට බඩේ අජීර්ණයක් එක්ක කාත් එක්කවත් කතා කරන්න බෑ. ඒක නියතයක්. අනික එයත් එක්ක නම් කොහොමටවත් බෑ. මං මේක අරයටත් කිව්වා. එයා කිව්වා ගුලි දෙන්නම් බොන්න; දෙහි [...]

Continue reading

සමහරවිට•

සම්බන්ධයක් නිර්වචනය කරන්න මේ ලෝකෙ කිසිම කෙනෙක් පාවිච්චියට නොගන්න වචනයක් මං පාවිච්චියට ගන්නවා. ඔව්; මේ සම්බන්ධෙට දැන් කියන්න පුළුවන් නිරවුල්ම වචනෙ ඒක. සමහරවිට• ඔබ හිතන්නෙ මේ කියන්නෙ එයා ගැන කියලා. නෑ.මේ කියන්නෙ එයා ගැන නෙවෙයි. මේක හරියට කතාවක් උඩ ලියපු තව කතාවක් වගේ. යට තියෙන කතාව හොයා ගන්න නම් ඔබට කරන්න තියෙන්නෙ උඩින් තියෙන කතාව [...]

Continue reading

චීනෙ•

අපි හිතුවෙ චීනෙට පැනලා යන්න. එහෙම නැත්නම් ජපානෙට. එයා චීන වචන 1112ක් දැනගෙන හිටියා. මම ඇත්ත ජපන් වචන 15000 කුයි බොරු වගේ වචන 122 යි දැනගෙන හිටියා. අන්තිමට අපි තීරණය කළා සර්පයෝ මරන් කන්නත් පුළුවන් නිසා චීනෙට යන්න. ඒත් මරපු සර්පයෝ කන්න වුණොත් මොකද කරන්නෙ කියලා තීරණයක් තිබ්බෙ නෑ. ‘ඔයාට අප්පිරියා නැද්ද සර්පයෝ කන්න? ගැරඩි [...]

Continue reading

එවරෙඩි පූසා

‘මං දැන් එවරෙඩි පූසා වගේ’ දවසක් කෙනෙක් මට එහෙම කිව්වා. මං හිතුවා එයාව පූසෙක් වෙලා ඇති කියලා. ‘මියෑව්’ ගගා කටු නැති මාළු කූරි ඉල්ල,ඉල්ලා නිකං ලැජ්ජා වෙනවා ඇති කියලා. ‘මොන සමයංද අනේ ඔයාට? මං මිනිහෙක්නෙ. මාව කොහොමද පූසෙක් වෙන්නෙ? ‘මාව ගිනිකන වැටිලා’ කියලයි ඔයාට කිව්වේ. ඒ පාර මං හිතුවා එයා ගිනි කනවා කියලා. අනේ අර [...]

Continue reading

නිදං•

‘ඇයි යකෝ තොපි හිතන් ඉන්නෙ මම හරකෙක් කියලද? හැම වෙලේම ගොම ඉල්ලන් එන්නෙ. අපේ ගෙදර ගොම නෑ යකෝ. මූසල හැත්ත. අර එහා ගෙදරින් ගිහින් අහන්න තොපේ දිවවල් නැවෙන්නැද්ද? හැම ලබ්බටම මෙහේම දුවං එන්නේ. ඇයි අපේ ගෙදර නෝනා හොඳ හින්දද මෙහෙ එන්නෙ. එයාට යකා නැග්ගොත් මෙන්න ගහන වලංවල සයිස් එක. එකයි; මළා. හොඳේ. උඹලට නැටි උස්සං [...]

Continue reading

කෙස්

මට ඔයාගෙ හිසකෙස්වල තිබ්බ පුළුන් සොබාව මතක් වුණා. කෙටි වුණත් දිගට දැනෙන, දිග වුණත් කෙටිව දැනෙන හිසකෙස්. ඉතාම මෘදු බරක් තිබුණ හිසකෙස්. මට ඒ සුවඳ මතකයි. ඒක සියුම්. නමුත් එළිමහනකදී බයානක විදිහට දැනෙන තරම්. අවුරුද්දක්-දෙකක්-දහයක්-විස්සක් කොච්චර ගියත් ඒකෙ සැහැල්ලුව හරි සියුම්බව හරි වෙනස් වුණේ නෑ. එකම සුවඳක්. එක දිගටම. ඔයා එහෙම පවත්වගෙන හිටියේ මගේ ආයුෂ [...]

Continue reading

පි‍ටු කිහිපයක පරතරයෙන් දෙවියන් සහ යකුන් හමුවීම

මං හිටියේ උදේ හතයි දහයෙ ‘මුහුදු කුමාරි’ කෝච්චියේ. බර වැඩි නිසා රාක්කයේ උඩුබැලියෙන් නිදි කරවලා තිබ්බ බෑගය නින්දෙන් ඇහැරවලා බිමට බස්ස ගත්තෙ ඊළඟ නැවතුමෙන් බහින්න. කොටින්ම කියනවා නම් මං හිටියේ නොසෑහෙන්න බඩගින්නෙ. ඊටත් මලකඩ ගඳක් ඇගෙන් හමනවා කියලා දැනුණු අප්‍රසන්න හැඟීමෙන්. උණු වතුර ස්නානයකුයි මට වුවමනා කරලා තිබ්බේ. ම්හු !!! ප්‍රභාත් ජයසිංහ තීරණය කරලා තිබ්බෙ [...]

Continue reading

මමත් කැමති එහෙම,පෙම් කවි කියවන්න-අඬන්න;ඉදහිට

‘මං කැමති එහෙම ඇගේ යටතෙම ඉන්න ආදරේ තදින්ම දැනෙන්නෙ එතකොට’ ‘තෙමි තෙමිම මම’ – දමිත් උදයංග දහනායක 13 වැනි කවිය. මට ඔහුව මතක හිටියෙ අහම්බෙන්. ඒත් හරි තදට. ටිකක් රිදෙන විදිහට. පෙම් කවි ඇති කරන රිඳුම් හරිම බයානකයි. මෘදුවට කිණිසි පහර ලැබෙන්නෙ ඒ රිඳුමෙන්. ප්‍රේමය ඔහු උත්ප්‍රාසයට නංවන්න උත්සාහ නොකර අනෙකාටම දිගින්,දිගටම ආදරය කිරීම කවි [...]

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com