Category > කෙටි සටහන්

මමත් කැමති එහෙම,පෙම් කවි කියවන්න-අඬන්න;ඉදහිට

‘මං කැමති එහෙම ඇගේ යටතෙම ඉන්න ආදරේ තදින්ම දැනෙන්නෙ එතකොට’ ‘තෙමි තෙමිම මම’ – දමිත් උදයංග දහනායක 13 වැනි කවිය. මට ඔහුව මතක හිටියෙ අහම්බෙන්. ඒත් හරි තදට. ටිකක් රිදෙන විදිහට. පෙම් කවි ඇති කරන රිඳුම් හරිම බයානකයි. මෘදුවට කිණිසි පහර ලැබෙන්නෙ ඒ රිඳුමෙන්. ප්‍රේමය ඔහු උත්ප්‍රාසයට නංවන්න උත්සාහ නොකර අනෙකාටම දිගින්,දිගටම ආදරය කිරීම කවි [...]

Continue reading

මං ආශක්ත වෙලා උන්නෙ මි‍රැන්ඩාට

මං ආශක්ත වෙලා උන්නෙ මි‍රැන්ඩාට. ගැබ්බර මි‍රැන්ඩා පස්සෙ පන්නන්න යෙදුණ රතුපාට, නිල්පාට සර්පයාට. මං කැමති ඩෝසන් ප්‍රීති වචවවලින් අඳින චිත්‍රවලට. නිශ්ශංක ගැන වුණත් කුහුලක් නොතිබුණා නෙවෙයි. ඒත් ඔහු ඒ තරම් අලංකාරෙට පෙනී උන්නෙ නෑ. ඒ ඔක්කොම වහගෙන උසට,මහතට හිටියේ මි‍රැන්ඩා. ඈට වෙලාවකදි අඬන්න කියන කතුවරයා තව ටික මොහොතකින් ඈව නිශ්ශංකගේ දුර්වල පපුවට හේත්තු කරවලා දෙන්නටම [...]

Continue reading

සෘතු

මේ කුමන සෘතුවදැයි නො අසා,මහත් අවදානමක් ගෙන,බාගෙට පිපුණු කහ රෝස මලක් ඔබට එවන්නට වුවමණා විය. බොහෝ විට මේ ඉතාම ශුෂ්ක කාලයක් විය හැකිය. එසේත් නැත්නම් අයිස් වැහි වැටෙන,හිම විසින් සියල්ල අත්පත් කරගත් කාලයක් වෙන්නට පුළුවන. එහෙත් කුමන සෘතුවක් වුවත් ඉවසන තරමින් ඒ කහ රෝස මල පිපෙමින් තිබෙනු මට පෙනුණි. ක‍ටු සහිත න‍ටු අගට කිසිදු බලපෑමක් [...]

Continue reading

අලියා ආවද ?

මේ ඔක්කෝම සිද්ධි වුණේ හිතනලන්තෙ.හිතනලන්තෙ තියෙන්නෙ අයිස්ලන්තෙට පහළින් ස්විස්ටර්ලන්තෙට ටිකක් ඉහළින්. එහේ වුණේම අස්වාභාවික දේවල්. ‘අලියා ආවද? අලියා ආවද?’ මිසිස් සමරසිංහට ඉතිං පිස්සු වගේ අලියා ආවෙ නැති එකට.අනික තැපෑල තඹ පයිසෙකට විස්වාස කරන්න පුළුවන්යෑ. මේං එව්වා කියන එව්වා,මේං නෑය කියනවා.ඒත් තැපෑලෙදි අලියෙක් නැති වෙන්න විදිහක් නැහැනේ.ඇයි හත්තිලව්වේ ඌ පත සයිස්නේ. ‘රුක්මනී….ඔය පියානෝ එක උඩ අස් [...]

Continue reading

, ,

╰▶ ගහක්

මට හිතෙන්නෙ මම ගහක් කියලා. හැබැයි ඒ තරම් විසාල එකක් නෙවෙයි. යන්තම් හෙවනට ඉන්න පුළුවන් තරමේ ගහක්. මෙහෙමයි දවස පටන් ගන්නේ. හරිම සරලයි වගෙයි පේන්නේ. ඒත් මට නම් හරිම ව්‍යාකූලයි. පැටලුම් සහගතයි. එලාම් එකක් කණ අයිනෙන් වදින්න පටන් ගන්නවා. ඒක අලුත් ලුමියා ෆෝන් එකකින් තියපු එලාම් එකක්. නිකං වතුර ගලනවා වගේ සද්දයක් තමයි මූලිකවම ඇහෙන්නේ. [...]

Continue reading

චුම්බනය | TheKiss

තරුණයා ලියුම් ‍තෝරන්නෙකි. ඒ තරුණකමට ගැලැපෙන ‍රැකියාවක් නොවේ. හාත්පස වෙඩි උණ්ඩ සතුරාගේ ළය සොය සොයා ඇවිදින විටත් තරුණයාට සිදු වූයේ ලියුම් ‍තෝරන්නටය. දුඹුරු දිගු කවර,කෙටි කවර,ලාකඩ තැවරූ බරසාර කවර ඒ අතර විය. වැඩි ප්‍රමාණයක ලියුම් කවරවල වූයේ ලාස්‍ය දනවන අත් අකුරුය. ඒ පෙම්වතියන්ගේය,බිරියන්ගේය. උණ්ඩ ගෙන අනෙකා ළය මත හෙළන්නට ආ අයවලුන්ගේ අනෙක් අර්ධයන් ලියූ පෙම් [...]

Continue reading

ආදර අනතුර

බොහෝ කලකට පෙර ගලා ගිය මුහුදකි. එහි මනසින් කිමිදෙමින් කිසිදා යළි නොලැබෙන මුතු බෙල්ලෙකු සෙවීම වරදකි. එවන් වරදට දඩුවමක් ලැබෙනු ඇත. මේ ඒ දඩුවමයි. යළි ආදරයෙන් බැඳීම සුළු ආරම්භයකි. මම තිගැස්සෙමින් හිඳිමි. මම ඔබට ඇලෙමින්,බැ‍ඳෙමින් සිටිමි. මට මගේ උන්මන්තකභාවය යළිත් පුබුදුවා ගත නොහැක. දෙවරක් එකම වරදින් පිපිරීම එක් මිනිස් ආත්මයකට තරම් නොවේ. දැරිය හැකි නොවේ. [...]

Continue reading

අපි | මිදි යුෂ |

අපි මිදි යුෂ බොමින් උන්නේ බාගෙට තැනූ නිවෙසක උඩු මහළක සිටය. එතැනට කොහෙත්ම හඳ පෙනුනේ නැත. අඹ ගස්වල හිතුවක්කාර අතුද,පොල් ගස් නයි මෙන් ඇඹරෙමින් අතු වනමින් කරන පිස්සු වැඩ නිසා කිසිම විට හඳ බලාගන්නට අපට නොහැකි විය. එහෙත් හඳට ආදරෙන් අපි මිදි යුෂ බොන්නටම වීමි. සෑම ‍රැහැයියෙක්ම ඒකාකාරී විනෝද ගායනා තරංග ඉදිරිපත් කරමින් මේ හඳේ [...]

Continue reading

ආච්චී මරා දැමීම

කුඩා කළ මට තිබූ එක සිහිනයක් වූයේ කුමන ක්‍රමයකින් හෝ ආච්චීව මරා දැමීමයි. මේ සඳහා එකල මම නොයෙකුත් සැලසුම් සැකසුවෙමි. අලුත් වස වර්ගයක් සාදා ඒ බීමට සැලැස්වීම පළමු සැලසුමයි. මෙතෙක් අනෙක් අය විසින් සොයාගෙන තිබූ වස වර්ග ඈට දීමට මගේ කැමැත්තක් තිබුණේම නැත. කුඩා ළමයෙකු ලෙස ආච්චීව මරා දැමීමේ බලාපොරොත්තුවෙන් සිටි මට කිසි කලෙකත් ඊට [...]

Continue reading

පහළ වීම | දිව්‍යමය

එහෙම දෙයක් වෙන්න නියමිත වෙලා තිබුණේ නෑ. ඒත් ඉතාම ඈත අහසේ තරු පන්තියකට අනුව හරි,මීට අවුරුදු ලක්ෂයකට විතර කලින් කවුරුහරි කියපු අනාවැකියක් නිසා ඒක එහෙම සිද්ධ වුණා.ඉතාම සෞම්‍යව,පාලනය කළ කාළගුණය සහිත දිනයක ඔබ පහළ වුණා. නිකං දිව්‍ය සම්පත්තියක් වගේ රන් කසී සළු දවටගෙනයි ඔබ පහළ වුණේ. මෙතනදී පහළ වුණා කියන වචනෙ බෝල්ඩ් වෙන්න ඕනා. මොකද [...]

Continue reading

prev posts prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com