Category > කෙටි සටහන්

ආච්චී මරා දැමීම

කුඩා කළ මට තිබූ එක සිහිනයක් වූයේ කුමන ක්‍රමයකින් හෝ ආච්චීව මරා දැමීමයි. මේ සඳහා එකල මම නොයෙකුත් සැලසුම් සැකසුවෙමි. අලුත් වස වර්ගයක් සාදා ඒ බීමට සැලැස්වීම පළමු සැලසුමයි. මෙතෙක් අනෙක් අය විසින් සොයාගෙන තිබූ වස වර්ග ඈට දීමට මගේ කැමැත්තක් තිබුණේම නැත. කුඩා ළමයෙකු ලෙස ආච්චීව මරා දැමීමේ බලාපොරොත්තුවෙන් සිටි මට කිසි කලෙකත් ඊට […]

Continue reading

පහළ වීම | දිව්‍යමය

එහෙම දෙයක් වෙන්න නියමිත වෙලා තිබුණේ නෑ. ඒත් ඉතාම ඈත අහසේ තරු පන්තියකට අනුව හරි,මීට අවුරුදු ලක්ෂයකට විතර කලින් කවුරුහරි කියපු අනාවැකියක් නිසා ඒක එහෙම සිද්ධ වුණා.ඉතාම සෞම්‍යව,පාලනය කළ කාළගුණය සහිත දිනයක ඔබ පහළ වුණා. නිකං දිව්‍ය සම්පත්තියක් වගේ රන් කසී සළු දවටගෙනයි ඔබ පහළ වුණේ. මෙතනදී පහළ වුණා කියන වචනෙ බෝල්ඩ් වෙන්න ඕනා. මොකද […]

Continue reading

හීලෑ අශ්වයෝ ගැන

අත් පිටපත කීප පාරක් කියවලා,ඉතා අපරික්ෂාකාරීව ටයිප් කරපු පීඩීඑෆ් ගොනුවක් තවත් කීප පාරක් කියවලා,අක්ෂර වින්‍යාසෙ වැරදි හොයන්න ආයෙ කියවමින් මං සෑහෙන්න කාලයක් මේ පොතත් එක්ක කාලය ගත කළා. එහෙම කියවීම පොතක කීවෙනි හරි පාර්ශවකරුවෙක් වීමක් කියලා මං හිතන්නෑ. ඒත් මට මේ පොතත් එක්ක පැහැදිලි කරලා කියන්න බැරි සම්බන්ධයක් ඇති වුණා. සමහර විට තුන්වැනි පාර්ශවයක් නෙවෙයි […]

Continue reading

හිම

මං හිටියේ හරි සීතල ගලන තැනක. එතකොට හිම වැටෙන්න ඔන්න,මෙන්න තිබ්බේ. ඒත් හිම වැටෙන්නේ කොහෙන්ද කියලා මං දැනං හිටියේ නෑ. අහන්න කෙනෙක් හිටියෙත් නෑ. නමුත් කොයි වෙලේ හරි හිම වැටේවි කියලා පුංචි නරක බලාපොරොත්තුවක් තිබ්බා. එහෙම හිම වැ‍ටුණොත් අපි කරන්නෙ මොනාද කියලා අවසාන තීරණයකට එන්නත් අපිට පුළුවන්කමක් තිබ්බෙ නෑ. ඒත් යෝජනා කිහිපයක් තිබ්බා. 1.කාන්තාරෙකට පැනලා […]

Continue reading

හිතනලන්තයට අවුරුදු තුනයි !

අදට හිතනලන්තයට අවුරුදු තුනක් පිරෙනවා. මේ අවුරුදු තුනට පෝස්ට් 1137ක් ලියලා ඒ පෝස්ට් වෙනුවෙන් කමෙන්‍ටු 392කුත් ලැබිලා තියෙනවා.ඒ කියන්නේ මේ වෙනකොට මම දෛනික කවි ලිවීමේ උමතුවෙන් පිපිරෙන්න ආසන්න වෙලයි ඉන්නේ. මෙහෙම අවුරුදු කිහිපයක් ගත වීම මාර වැදගත් කියලා මං අවංකවම හිතනවා.මොකද මම වෘත්තියෙන් පුවත්පතක විශේෂාංග ලේඛිකාවක්.අවුරුදු 10කට වැඩි කාලයක් ගත කළේ ලිවීමටමයි.නමුත් වෘත්තීමය ලිවීමකින් නොලද […]

Continue reading

හිතනලන්තයේ මිලියනයක ස්තූතිය!

හිතනලන්තයේ මිලියනයක ස්තූතිය! from kanchana on Vimeo.   එක දවසක් නෙවෙයි. මේක දවස් දෙකක මාර වැඩක්. පළවෙනි දවස 2010 නොවැම්බර් 12 වැනිදා. එදා මං හිතනලන්තය හොයා ගත්තා. නිකං කොලම්බස් අමෙරිකාව හොයා ගත්තා වගේ කියලා තමයි මං හිතුවේ. ඒ වුණාට එතන එහෙම එකක් තිබ්බෙ නෑ. දෙවෙනි දවස 2013 ඔක්තෝබර් 13 වැනිදා. එදා දහවලේ 1.12ට හිතනලන්තෙ හිට් […]

Continue reading

හොරා

අන්තිමට මං මටම ලියුමක් එවාගන්න තත්ත්වෙට පත් වුණා. ඒක වුණේ මෙහෙමයි. හොරා: මට පෙන්නන්න බෑ මුංගෙ මේ ලියුම් එවිල්ල. එහෙන්-මෙහෙට. මෙහෙන්-එහෙට. මුලින්ම පොඩි ලියුම්. ඊළඟට වුවමනාවට වඩා ලොකු ලියුම්. ඊටත් පස්සෙ බර්ත්ඩේ කාඩ්. ඇයි ඇඳුම්. මොකටද හත්තිලව්වෙ ඇඳුම් එවන්නෙ? මොකෝ හෙළුබැල්ලෙන් ඉන්නවාය කියලැයි. මට මුළින්ම ආස හිතුණෙ ලියුමෙන් ආපු සුවඳට. ඒක හරි ගෑනු සුවඳයි. නිකං […]

Continue reading

පූජ කළා !

‘කවුද මේ මල් ගස්වල දිලිසෙන කුඩු ඉස්සෙ?’ ‘ඇයි මොකෝ?කැතද?’ ‘නෑ,නෑ,පොඩ්ඩකට ඩස්ට් පැකට් එක ඉල්ලගන්න.අපේ දූගෙ ඉස්කෝලෙ වැඩකට’ මැදි වයසෙ ගෑනු කෙනෙක් පිස්සු ඉල්ලීමක් කරනවා තරුණ ගෑනු ළමයෙක්ගෙන්.නැතිකමටමත් නෙවෙයි,ලෝබකමට.ගෑනු ළමයා ඩස්ට් පැකට් එක දෙන පාටක් නෑ.මැදිවියේ ගෑනු කෙනා යන්න ගියා. ඒ පාර ගස්ලබු හොයනවා. ‘කවුද එන්නෙ ගස්ලබු කඩන්න යන්න?’ කැත්තක් වන වනා නිකන් නින්ජා කෙනෙක් වගේ […]

Continue reading

හිතනලන්තයේ කෙටිම අවුරුදු දෙක

පත්තරකාරයෙක් වීමේ පිස්සුවෙන් සිටි මට ‍රැකියාවක් ලෙස ලැබුණේ පරිගණක තාක්ෂණය උගන්වන්නටය. ඒ ද කියන දේ නාහන කොල්ලන් ‍රැසක් සිටින පාසලකය. මාස හයක් අමාරුවෙන් උගන්වන විට උනන්දුව හීන වී ගියෙන් මේ රස්සාව නම් ඇති කියා සිතුණි. සාරි පටලවාගෙන හොඳට හැසිරීම අනෙක් අතින් මට මානසික වධයක්ව තිබුණි. අහම්බෙන්,ඉතාමත් අහම්බෙන් පත්තරකාරයෙක් වීමේ පිස්සුවට යළිත් අත්ත‍ටු ලැබුණි. මාස අටක […]

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com