Category > ගම්මිරිස් කුරුල්ලා

බළල් සිනාවටත් දැන් ලක්වෙන

වම් පිහා‍ටුව අබලන්ය එලලා දෙන්න බැරිද මහත්මිය බැලන්ස් නැති වී නිතර මා බිම වැටෙන බළල් සිනාවටත් දැන් ලක්වෙන කුරුලු අභිමානය තණකොළ ගොල්ලෙ සැගවෙන දුකක් නැද්ද මහත්මිය මගේ වම් පිහා‍ටුව කුඩු වී බිම වැටෙනව ළඟදිම දකුණු ඇහැ නටනවා අව්ව දැක්කම කණ්ණාඩියක් ඕන වෙයි දුර ගමන් පියඹන්න දාස් පෙතියා ගාලේ පණු පැටව් ඉන්නවා ඕසෙට හොට තියන විට [...]

Continue reading

මිසිස් සමරේ

මිසිස් සමරේ සමාවෙන්න මට ටික කාලෙකට යන්න වෙලා දැන් නවසීලන්තෙට ගම්මිරිස් කුරුලු මහා සම්මන්ත්‍රණ බෑ අනේ මට ඒක මඟාරින්නට කුරුලු හොට නවාගෙන මල් ගෙනාවට මිස්ට සමරසිංහට වසුරු වැක්කෙරුවට ඔයාට බෑ අනේ දෙල් ගහේ වසන්නට පුංචි කුරුමිණියො කාගෙන වරුවක්වත් ගෙවන්නට මේ අරුම ආලෙන් ගැලවිලා නවසීලන්තෙට යන්න ඉඩ දෙන්න ඉඩ දෙන්න මට වෙනත් කුරුලු ලෝකෙක අතරමං වෙන්නට [...]

Continue reading

සමරසිංහ මගෙ ආදරී

දෙල් ගහ මුදුනට විදුලි සෝපානයක් ඕනෑ මට සේද රෙදි වැනි සියුම් අත්ත‍ටු දවසට සිය සැරයක් සලන්නට බෑ මට කෑම ගේන්නට වතුර බොන්නට කෘමීන් මරන්නට පළතුරු කන්නට බෑ මට බෑ මෙහෙම පියාඹන්න සමරසිංහ මගෙ ආදරී ඔයාට ඇහැකිනි සෝපානෙ ගේන්නට සු‍ටුස් ගා දෙල් ගහ මුදුනට යැවෙන්නට උදේ හවසට බිමට බහින්නට ලේන්නු එලවන්න කොහාට කොටන්න කතාවෙ හැටියට ඔයාටත් [...]

Continue reading

මිසිස් සමරසිංහ

මිසිස් සමරසිංහ මෙහෙ එන්න ඇවිත් මේ ඉඳුණු පළතුරු කන්න සිහිල් දිය බොන්න මගෙත් එක්ක අනන්තෙට පියාඹන්න අත්ත‍ටුවට ෂොපින් බෑගයක් බැඳ ගන්න උඩු හුළං එන්නේ මකර වෙස් අරගෙන මිසිස් සමරසිංහ අපිට බෑ එක් වෙන්න එත් පුළුවන් ජෝඩු දා පියඹන්න මගේ හීනෙට විලවුන් පොඩ්ඩක් ඉහින්න අර ලේන්නු ඩබලට බෑ අපිව වෙන් කරන්න ඔබේ පුසුඹින් මට ඇහැකි මකරෙක් [...]

Continue reading

විසාල ගම්මිරිස් කුරුලු සිහින

දෙල් ගහටත් වඩා ලොකු ගම්මිරිස් කුරුලු සිත පැටලී මිනිස් ආලයක හොටින් මල් ගෙන පියාඹා එන කොට තාප්පය උඩ වෝල්ට්ස් නැ‍ටුම් රඟන ළා කොළ – තද කොළ පිහා‍ටු පුම්බා කඩවසම් බව පෙන්වන ඈ මහත් භීතියෙන් පසුවන කුරුල්ලෙකු ආලයෙන් පසුවන කටොලු කතා පැතිරෙන ඒත් ඈ සුරුකුරුත්තුවෙන් සිනාසෙන ගම්මිරිස් කුරුලු සිත සිතෙන් මල් මාල තනන වට හතක් ගිනි [...]

Continue reading


Hit Counter provided by professional seo company
twitter-widget.com