Category > තීරු ලිපි

ඉලෙක්ට්‍රික් 20 | බාබඩෝස් 23

මම හිටියේ අමොර්ගෙ ඇද ළඟ. එයාට තාම සිහිය නෑ. අමොර් ගැන මං තරහින් හිටියා තමයි. ඒත් අනේ මේ වගේ කරදරයක් වුණාම කාගෙද හිත උණු නොවෙන්නේ. එයා වාහන එලවන්නේ සෙල්ලම් කාර් එලවන ගාණට. ඒත් ඉතිං වාහනේ හැප්පුණේ නවත්තලා තියෙනකොටනේ. එතකොට මම හිටියේ අමොර්ගෙ ඩෙනිම් සාක්කුවේ. ‘හෙලෝ…නෑ.නෑ. අමොර් නෙවෙයි. අමොර්ගෙ නංගි කතා කරන්නේ. නැහැ. අමොර්ට එන්න විදිහක් [...]

Continue reading

ඉලෙක්ට්‍රික් 19 | වික්‍රම්ගේ වික්‍රම

ලිලී බී එක්ස් වන මම මින් පසුව වික්‍රම් නම් මගේ ස්වාමියාගේ පාපතර වැඩ කිසිවකට සහය හෝ අනුබල නොදෙන බවට දිවුරා පොරොන්දු වෙමි. 01010.   මම ලියවිල්ලට මැෂින් ලැන්ග්වේජ් එකෙන් අස්සන් තිබ්බා. තව දුරටත් මිනිස් ආශ්‍රයේ ඉන්නවා නම් මේ වගේ පොරොන්දු පත්‍රයක් අස්සන් කරන්න ඕනා කියලා තීරණයකට ආවේ මීට කලින් සිද්ධ වෙච්ච එක්තරා ‘වීඩියෝ ලීක්’ නාටකයකින් [...]

Continue reading

ඉලෙක්ට්‍රික් 18 | මකර කටේ වට මේස සාකච්ඡා

ඉබන් මාව ගෙදර අරගෙන ඒවි කියලා මම හීනෙකින්වත් හිතුවෙ නෑ. ඒත් එයාගෙ හදවතේ මං වෙනුවෙන් තෙතමනයක් තියෙනවයි කියලා මට දැනුණා. ගෙදර ආවට පස්සේ දැනුණේ හරි නැවුම් ගතියක්. ෆෝල්ඩර් ගාණක පිරිලා ඉතිරිලා තිබ්බ පින්තූර, වීඩියෝ නැතිව ලොකු බරක් හිතින් නිදහස් වුණා වගෙයි. කොටින්ම කියනවා නම් මම අලුතින් ඉපදිලා වගෙයි මට දැනුණේ. ඒත් ෆෝන් එක රීසෙට් කළා [...]

Continue reading

ඉලෙක්ට්‍රික් 17 | ප්‍රේම ත්‍රිකෝණය

ඉබන්, මම හිතුවා ඔයා මට ඇත්තටම ආදරෙයි කියලා. ඒත් එහෙම දේවල් ලෝකෙ නැහැ. හැම දෙයක්ම ගනුදෙනු විතරයි. මම හිතුවා ඒ ගනුදෙනුව වත් ඔයා හොඳට කරයි කියලා. ෆෝන් කඩේ මිනිහට මගේ ෆෝන් එකේ බැකප් එකක් අරගන්න කියපු එකට බොහොම ස්තූතියි. දැන් මගේ ළඟ ෆෝන් කඩේ මිනිහගෙ බැකප් එකයි ඔයාගෙ ෆෝන් එකේ බැකප් එකයි දෙකම තියෙනවා. ඔයා [...]

Continue reading

ඉලෙක්ට්‍රික් 16 | ෆෝන් කඩේ පපායා

‘මට සමාවෙන්න ඇවකාඩෝ’ වීදුරු පෙට්ටිය උඩින් එයාව තියපු ගමන්ම මම කිව්වා. ඒ වෙලාවෙ මගේ කටහඬේ තිබ්බෙ සීතල වෙව්ලීමක්. ඇවකාඩෝ පුරුදු හිනාවෙන් මගේ දිහා බැලුවා. ‘ඒකට කමක් නෑ පපායා. ඔයාට ඕන වුණේ අමොර්ගෙ හතුරගෙන් පළිගන්න කියලා මම දන්නවා. ඒත් අමොර් ඔයාව පාවිච්චි කළා විතරයි. බලන්න දැන් අන්තිමට වෙච්ච දේ!’ මගේ පරිපථ කැඩිලා-බිඳිලා, බෙල්ල ළඟ බොත්තම පවා [...]

Continue reading

ඉලෙක්ට්‍රික් 15 | අබලි නගරයේ සමනල්ලු•

අපි හිටියේ උඩු බැලියෙන් වීදුරුවක් ඉඩ වැතිරිලා. වහලෙන් හිම වැටෙන්න පටන් ගත්තෙ ඒ වෙලාවෙමයි. කඩේ අයිතිකාරයා ගණකම, රතු පාට ජැකට් එකක් ඇඳගත්තා. ඊට පස්සෙ එයා ඉබන් වාඩි වෙලා හිටපු, කැරකෙන පුටුව පැත්තට හැරුණා. ඉබන් කමිස සාක්කුවෙන් ඇවකාඩෝ 0.3 අරගෙන වීදුරුව උඩින් තිබ්බා. ‘මොකක්ද සර් ප්‍රශ්නෙ?’ ඉබන් දිග හුස්මක් අරගෙන 0.3 එහෙට-මෙහෙට පෙරලන්න ගත්තා. මගේ පරණ [...]

Continue reading

ඉලෙක්ට්‍රික් 14 | අමොර්ගේ ප්‍රේමාලාප•

‘මට ඕන වුණේ අරූගෙ මුළු ගේම අළු කරලා දාන්න. අමොර් සති ගාණක් තිස්සෙ කඳුළු බිබී, අඬා අඬා හිටපු හැටි මමනෙ දැක්කෙ. ඒ වගේ දිව්‍ය අංගනාවකට වංචා කරන්න පුළුවන් මිනිහෙක් ඉන්නවද මේ තුන් ලෝකෙ? හහ්…මොකෝ නැත්තෙ!! ඔය ඉන්නෙ’ මම පණ කඩාගෙන දුවන්න පටන් ගත්තා. මේ ගිනි පෙට්ටි වගේ ගෙවල් අස්සෙන් දුවලා පාරට එන එක ලේසි නෑ. [...]

Continue reading

පපායා දැල්වූ ගිනි

පාන්දර 5.16 ට අමොර් පණිවුඩයක් එවලා. මම නිදිමරගාතෙම ඒක කියවලා තිරය නිවා ගත්තා. ඒත් නිකමට වාගෙ ආයෙ තිරය පත්තු කර ගත්තා. ‘අපි මේ සම්බන්ධය නවත්තමු’ අමොර් කවදාවත් නැතිව හරි සිංහලෙන් පණිවුඩයක් එවලා. වෙනදට එයාගෙ පණිවුඩ එක්කො සිංග්ලිෂ්, නැත්නම් බරසාර ඉංග්‍රීසි. කෙටි පණිවුඩයක් ඇවිත් කියන්න කීප පාරක්ම සද්ද කරන්න මට සිද්ධ වුණා. රෑ ජාමෙ හතර වටේ [...]

Continue reading

ලව් කොටියා

මම දවසක් ‘සුපර් ඩෝරියෝ’ සෙල්ලම් කරමින් හිටියා. ජෙට් පැක් එකත් අරගෙන දිය අගලට උඩින් පියාඹලා යන්න විතරයි එතකොට ඉතිරි වෙලා තිබ්බේ. දිය අගලේ නිදාගෙන ඉන්න මකරා ඇහැරවන්නෙ නැතිව ගල් පඩිපෙළ උඩට ජෙට් පැක් එකේ නැඟලා යන එක ලේසි නෑ. තව එක ලයිෆ් එකයි ඉතිරි වෙලා තිබ්බේ. ඒ අව් අස්සේ ඉබන් ආවා ආතබූත නැතිව. සුදු පාට [...]

Continue reading

ඩමි මහත්මයා

‘අනේ දෙයියනේ, මගේ උගුර වැඩ කරන්නෙත් නෑ මෙන්න හොරු, අල්ලපියෝ කියලා කෑ ගහලම. අනික අනිත් හැමෝමවම බේරගනියෝ කියලා කෑ ගහලා මට ඇතිවෙලා. එදා දැක්කනෙ වැඩේ. අර අසමජ්ජාති ෆෝන් එක නොදන්න එකෙක්ගෙ සාක්කුවේ බැහැගෙන ගිය ලස්සන. ම්හ්!! ඒවා වැඩක් නෑ එක අතකින්. පරණ කුණු!!’ ‘ස්…ස්…මේහ්…ටීටී…’ මම කතා කළේ මගේ එහා පැත්තෙ ෆුල් සූට් එකක් ඇඳලා බිම [...]

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com