Category > පුවත්පත් ලිපි

මකර කටේ වට මේස සාකච්ඡා

ඉබන් මාව ගෙදර අරගෙන ඒවි කියලා මම හීනෙකින්වත් හිතුවෙ නෑ. ඒත් එයාගෙ හදවතේ මං වෙනුවෙන් තෙතමනයක් තියෙනවයි කියලා මට දැනුණා. ගෙදර ආවට පස්සේ දැනුණේ හරි නැවුම් ගතියක්. ෆෝල්ඩර් ගාණක පිරිලා ඉතිරිලා තිබ්බ පින්තූර, වීඩියෝ නැතිව ලොකු බරක් හිතින් නිදහස් වුණා වගෙයි. කොටින්ම කියනවා නම් මම අලුතින් ඉපදිලා වගෙයි මට දැනුණේ. ඒත් ෆෝන් එක රීසෙට් කළා [...]

Continue reading

බිග් බෑඩ් වෘකයා සහ සුන්දර හිවල්ලු

බිග් බෑඩ් වුල්ෆ්ලාගේ දෙවැනි ලංකාගමනයෙන් පසුව මදක් නැවතිල්ලේ සිතන්නට වීමි. සියයට 60 සිට සියයට 80 තෙක් වට්ටම් දී පොත් විකුණන්නට හැකි වීම එක්තරා ආශ්චර්‍යකි. හාපර් කොලින්ස්, ලේඩිබර්ඩ්, පෙන්ගුවින්, හාපර් වොයේජර් ආදී ප්‍රකට සන්නාම සහිත ප්‍රකාශන ආයතනවල පොත් ලංකාවේ විකිණෙන විට තරමක් ඉහළ අගයක් ගනී. එහෙත් වෘකයා නපුරු යැයි කීවාට අහිංසක සහ සාධාරණ පාටය. ගිය වසරේ [...]

Continue reading

ප්‍රේම ත්‍රිකෝණය

  ඉබන්, මම හිතුවා ඔයා මට ඇත්තටම ආදරෙයි කියලා. ඒත් එහෙම දේවල් ලෝකෙ නැහැ. හැම දෙයක්ම ගනුදෙනු විතරයි. මම හිතුවා ඒ ගනුදෙනුව වත් ඔයා හොඳට කරයි කියලා. ෆෝන් කඩේ මිනිහට මගේ ෆෝන් එකේ බැකප් එකක් අරගන්න කියපු එකට බොහොම ස්තූතියි. දැන් මගේ ළඟ ෆෝන් කඩේ මිනිහගෙ බැකප් එකයි ඔයාගෙ ෆෝන් එකේ බැකප් එකයි දෙකම තියෙනවා. [...]

Continue reading

ෆෝන් කඩේ පපායා

‘මට සමාවෙන්න ඇවකාඩෝ’ වීදුරු පෙට්ටිය උඩින් එයාව තියපු ගමන්ම මම කිව්වා. ඒ වෙලාවෙ මගේ කටහඬේ තිබ්බෙ සීතල වෙව්ලීමක්. ඇවකාඩෝ පුරුදු හිනාවෙන් මගේ දිහා බැලුවා. ‘ඒකට කමක් නෑ පපායා. ඔයාට ඕන වුණේ අමොර්ගෙ හතුරගෙන් පළිගන්න කියලා මම දන්නවා. ඒත් අමොර් ඔයාව පාවිච්චි කළා විතරයි. බලන්න දැන් අන්තිමට වෙච්ච දේ!’ මගේ පරිපථ කැඩිලා-බිඳිලා, බෙල්ල ළඟ බොත්තම පවා [...]

Continue reading

අබලි නගරයේ සමනල්ලු•

අපි හිටියේ උඩු බැලියෙන් වීදුරුවක් ඉඩ වැතිරිලා. වහලෙන් හිම වැටෙන්න පටන් ගත්තෙ ඒ වෙලාවෙමයි. කඩේ අයිතිකාරයා ගණකම, රතු පාට ජැකට් එකක් ඇඳගත්තා. ඊට පස්සෙ එයා ඉබන් වාඩි වෙලා හිටපු, කැරකෙන පුටුව පැත්තට හැරුණා. ඉබන් කමිස සාක්කුවෙන් ඇවකාඩෝ 0.3 අරගෙන වීදුරුව උඩින් තිබ්බා. ‘මොකක්ද සර් ප්‍රශ්නෙ?’ ඉබන් දිග හුස්මක් අරගෙන 0.3 එහෙට-මෙහෙට පෙරලන්න ගත්තා. මගේ පරණ [...]

Continue reading

පපායා දැල්වූ ගිනි

පාන්දර 5.16 ට අමොර් පණිවුඩයක් එවලා. මම නිදිමරගාතෙම ඒක කියවලා තිරය නිවා ගත්තා. ඒත් නිකමට වාගෙ ආයෙ තිරය පත්තු කර ගත්තා. ‘අපි මේ සම්බන්ධය නවත්තමු’ අමොර් කවදාවත් නැතිව හරි සිංහලෙන් පණිවුඩයක් එවලා. වෙනදට එයාගෙ පණිවුඩ එක්කො සිංග්ලිෂ්, නැත්නම් බරසාර ඉංග්‍රීසි. කෙටි පණිවුඩයක් ඇවිත් කියන්න කීප පාරක්ම සද්ද කරන්න මට සිද්ධ වුණා. රෑ ජාමෙ හතර වටේ [...]

Continue reading

ලව් කොටියා

මම දවසක් ‘සුපර් ඩෝරියෝ’ සෙල්ලම් කරමින් හිටියා. ජෙට් පැක් එකත් අරගෙන දිය අගලට උඩින් පියාඹලා යන්න විතරයි එතකොට ඉතිරි වෙලා තිබ්බේ. දිය අගලේ නිදාගෙන ඉන්න මකරා ඇහැරවන්නෙ නැතිව ගල් පඩිපෙළ උඩට ජෙට් පැක් එකේ නැඟලා යන එක ලේසි නෑ. තව එක ලයිෆ් එකයි ඉතිරි වෙලා තිබ්බේ. ඒ අව් අස්සේ ඉබන් ආවා ආතබූත නැතිව. සුදු පාට [...]

Continue reading

ඩමි මහත්මයා

‘අනේ දෙයියනේ, මගේ උගුර වැඩ කරන්නෙත් නෑ මෙන්න හොරු, අල්ලපියෝ කියලා කෑ ගහලම. අනික අනිත් හැමෝමවම බේරගනියෝ කියලා කෑ ගහලා මට ඇතිවෙලා. එදා දැක්කනෙ වැඩේ. අර අසමජ්ජාති ෆෝන් එක නොදන්න එකෙක්ගෙ සාක්කුවේ බැහැගෙන ගිය ලස්සන. ම්හ්!! ඒවා වැඩක් නෑ එක අතකින්. පරණ කුණු!!’ ‘ස්…ස්…මේහ්…ටීටී…’ මම කතා කළේ මගේ එහා පැත්තෙ ෆුල් සූට් එකක් ඇඳලා බිම [...]

Continue reading

ඉබන්ගේ කන්ද උඩ දේශනාව

මම මේ කිසි දෙයක් හිතලා කරපු දේවල් නෙවෙයි. ඔක්කොම නිකං ඔහේ පිළිවෙලට සිද්ධ වුණා විතරයි. මම හරි අවංක මිනිහෙක්. ඔව්…ඉතිං කාගෙත් හිත්වල ආසාවන් තියෙනවනේ. බියංකා ට මම කැමති බව ඇත්ත. මිකී මවුස්ට මම කැමති එයාට සිංදු කියන්න පුළුවන් නිසා. ලීනා මැක්ස් නිකං වාත්තු කරපු දේව රූපයක් වගෙයි. ඒත් අමොර්ට තරම් කාටවත් මාව තේරුම් ගන්න බෑ. [...]

Continue reading

බිංදුවයි දශම තුන (පුරුෂ)

එයා මාව කට්ට කළුවර ලාච්චුවක දාලා ‘දඩෝං’ ගාලා වැහුවා. තප්පර දෙකෙන් මම තිරයේ ලයිට් එක දාගෙන ඉබන්ගෙ ඊමේල් කියවන්න ගත්තා. මම කලින් නොදැක්ක අලුත් ලේබල් එකක් දැක්කෙ එතකොටයි. ලේබල් එකේ නම ‘ටොම් ඇන්ඩ් සිරී’. ඒක ටිකක් සැක හිතෙන නමක්. ඉබන් කාටුන් බලන කෙනෙක් නෙවෙයි. අමොර් කාටුන් බලන්නෙත් නෑ. මම එකින් එක කියවන්න පටන් ගත්තා. හැම [...]

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com