දුම්රථ කවුළුවකින් එළිය පෙනීමේ සැබෑ අලංකාරය ගැන යම් අදහසක් මසිතේ පිළිසඳවීමට ‘window seat project’ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට හැකි විය. ඒ ආකාරයෙන්ම දුම්රථ කවුළුවකින් ඇතුළත පෙනීමේ තවත් ලස්සනක් ඇතැයි ඒත්තු ගැන්වීමටද හැකි විය. මේ සෑම පින්තූරයකටම ඊටම අනන්‍ය වූ හැඩයක් සහ කතාවක් තිබීම ඊළඟට මසිත නොසන්සුන් කර දැමීය. ඉතාම සාමාන්‍ය රාමුවක් තුළින් අසාමාන්‍ය රූප විශාල ප්‍රමාණයක් පෙන්වීමට […]
Category > සංචාරක සටහන්
විකල්ප සාහිත්‍ය සයුරේ ගාලු කැළැඹීම
කල් වේලා ඇතිව ගියෙන් වෙනදා නොයන පටු පාරකින් මෙවර ගාලු කොටුවට ඇතුළු වුණෙමි. සීතලය; මද පින්නක් සහිත සුළඟ ය; සමර ගොඩනැගිලිවල තැවරෙන්නට බලා සිටින උදෑසන අව්ව ය; මම ය. බයිසිකල්වලින් මන්දගාමී ගමනින් පාතරාසය ගෙනෙන්නට බේකරියට යන අය ය. පාට සිලි උරවල පාන් ඇතුළු වෙනත් සුළු කෑම ලාගෙන නැවත ගෙදර යන අය ය. ඒ අතර විදේශිකයෝ […]
නාගරික චූල සංස්කෘතියේ අලුත් මුහුණ | Colombo Hippie Market
හිපි මාකට්ටුව තිබුණේ හැංගිලා ය. කොටින්ම කියනවා නම් බී.එම්.අයි.සී.එච් පරිශ්‍රයට අල්ලපු ඉඩමේ වුවත් බී.එම්.සී.එච් නම් ඒ ගැන කෙළ බිඳක් හෙලුවේ නැත. යාබද පල්ලිය තමන්ට වුවමණා තරමට ගාම්භීරව උන්නා මිස ‘මේං මේ පැත්තෙන් යන්න. ගියාම වම් පැත්තෙ නුග ගහක් තියෙනවා’ යැයි කීමටවත් කාරුණික වුණේ නැත. හිසට ඇලුණු කැරැළි කොණ්ඩා සහිත, බාච්චු ඇඳුම් ඇඳගත් තරුණයන් කිහිප පොලක් […]
මහා මූකලාන මැදින් අංකෙලිපව්වට
ගෙඹි යුවලක් නාන කාමරයට ආවේ මහා හදිසියකිනි.මට නාන්න ඕනෑ මුත් ගෙඹි යුවලට ඒ ගැන ගාණක්වත් නැත.ගෙඹි මැතිණිය දිගැටි නාන කාමරයේ එක් මුල්ලක තිබූ කුණු බදුන අසලින් හරි බරි ගැහී ඉඳගත්තේ ‘දැන් නම් කවුරැ කිව්වත් යන්නෑ’ කියන්නාක් මෙනි.ඇගේ ස්වාමි පුරුෂයා ඈ අසලින්ම අසුන් ගත්තේ , ‘..අනේ මෙයා නැතිව මං කොහේ යන්නද …’ කියමිනි.’..අපි ඉතිං නිකන්ම මෙතන […]