Category > සමකය

අන්තිම දුම්රියත් වැ‍රැදී ගිය රවුල්කාරයා

  ඒ රවුල්කාර මගියාට අන්තිම දුම්රියත් වැ‍රැදී ගියෙන් වෙනත් දුම්රියකට නඟින්නට සිදු විය. ටිකැට්‍ටුවක් අත නැතිව,වාර ප්‍රවේශපත්‍රයක් අත නැතිව නම නොදන්නා දුම්රියක නැඟි හෙයින් ද, 99 වැනි ඉතා නරක වයසක නතරව සිටි හෙයින් ද ඔහුට තම ගමන සම්පූර්ණ කරන්නට නොහැකි විය. ඒ සුවිසල් එන්ජිම නතර විය. රතු පාට දුම්රිය මැදිරිවල ගාගෙන,තට්‍ටු තුනේ අසුන් මත නිදි [...]

Continue reading

ෆේස්බුක් දශකයේ විස්මෘති විනෝදය

ෆේස්බුක් දශකය විස්මෘති විනෝදයකින් ඇ‍රැඹියේ යැයි කීම සාධාරණය. තමා තුළ සිටි නොපෙනෙන අනෙකා සොයා ගැනීමේ තදබල ආශාවෙන් මඩනා ලද සාමාන්‍ය ජීවිතය උත්කර්ෂයට නැංවූ සයිබර් මොහොත බිලියන 1.23ක් වෙත උදා කර දෙනු ලැබූයේ මාර්ක් සකර්බර්ග්ය. මේ අඟහරුවාදාට ප්‍රකට ෆේස්බුක් සමාජජාලා අඩවියට දස වසක් සපිරෙයි. එනම් වසර දහයකින් ඒ මහළු වෙයි. සමාජජාලා අඩවියකට වසර දහයක සමෘධිමත් අතීතයකින් [...]

Continue reading

ඇගේ රහසිගත දෙවැන්න

ඕ එක් නවකතාවක් පමණක් ලියා අප්‍රමාණ ප්‍රහර්ෂයක් කියවන්නන් හට අත් පත් කරදී බොහෝ කලකට නිහඬව උන් තැනැත්තියකි. ඒමතුද නොවේ, තමා ලියූ පළමු නවකතාව උදෙසා 1997දී බුකර් සම්මානයද ලබා ගනිමිනි. ‘ද ගෝඩ් ඔෆ් ස්මෝල් තින්ග්ස්’ ඉන්දියාවෙන් පටන් ගෙන නොයෙකුත් දේශසීමා තරණය කළ අපූරු නවකතාවකි. ඒ ශ්‍රී ලංකාව තරණය කළේ ‘සුළු දෙය ඇසුරු කළ දෙවියා’ නමිනි. වසර [...]

Continue reading

උඩු ‍රැවුලක මරණීය වටිනාකම

‘මට මගේ පවුල දාලා යන්න පුළුවන්. කොටින්ම කියනවා නම් පාකිස්ථානෙ වුණත් දාලා යන්න පුළුවන්. හැබැයි මගේ උඩු ‍රැවුල නම් කපන්න බෑ’ මේ සා ආදරයක් උඩු ‍රැවුලකට තිබීම අසංස්කෘතික යැයි කිව හැකිද? අමානුෂික යැයි කිව හැකිද? කිසි දින අත් නොහරින බවට ශපථ වෙමින් විවාපත් වූ ප්‍රිය භාර්යාව හා දරුවන් දස දෙනා අතැර ස්වකීය ‍රැවුල ‍රැක ගන්නට [...]

Continue reading

සයිබර් යුගයේ කුප්‍රකට දත්ත සොරකම

මේක ට්විටර් යුගයේ හොරකමක්. වඩාත් පැහැදිලිව කියනවා නම් ස්ථාවර් වත්කම්වලට වඩා මේ කාලයේ වැඩිපුර වටිනාකමක් ලැබෙන්නෙ දත්තවලට. අන්තර්ජාලය තුළ ඔබ සිදු කරන ක්‍රියාවන්වලට. හොඳ හෝ නරක ලේබලය යටතේ වෙන් කර ගත්තොත් මේ දෙවර්ගය තුළ මිල කළ නොහැකි වටිනාකමක් පවතිනවා. දත්ත සොරකම් කිරීමෙන් සෘජු මූල්‍ය ලාභ ලැබීමට එහා ගිය ටෙරාබයිට් ප්‍රමාණයේ ලාභයක් මේ සොරකම් කරන්නන් අත්පත් [...]

Continue reading

වැලිකතරේ දෝංකාර දෙන ප්‍රේමණීය වැයුම

හේ ගයන්නේ සුපෙම්වතුන්ටය. වේදිකාව කෙතරම් විසල් වුවත්,නරඹන්නන්ගේ දහස් ගණනක් වුවත් ඇල්පෙනිති තුඩකුදු බිම නොවැටෙන කීකරු නිශ්ශබ්දතාවයක් නිතර ඔහුට හිමිය. මේ සා උමතු රසිකයන් පිරිසක් උපයා ගන්නට ඔහු කුමක් නම් කර ඇතිද? ඔහු කර ඇත්තේ පියානෝව අසලින් වාඩි වී ඇස් වසා ගනිමින්,මද සිනා නඟමින් ලෝ ප්‍රකට ‘හෙලෝ’ ගීතය ගායනා කිරීම පමණය. දශක තුනකට ආසන්න කාලයක් මුළුල්ලේ [...]

Continue reading


Hit Counter provided by professional seo company
twitter-widget.com