‘මට ඔබෙන් ඇස් ඉවතට ගන්න බෑ’ ඒ කෙතරම් ආශක්ත වීමක් විය යුතුද? ඔහුට ඇස් ඉවතට ගත නුහුණු තරමට වශීකෘත රුවක් හමුව ඇත. සිහින්ව වැයෙන ගිටාර තත් අතරින් ඩේමියන් රයිස් මෘදුව ගයයි. ඈ එන්නේ මේ ගිටාර තත් ඇතුළතින් විය යුතුය. සංගීතය සිහින් වන තැන නිවිසැනසිල්ලේ හිස එළියට දමමින් ඈ සිනාසෙනවා විය යුතුය. ‘කෙටිම කතාවක් ආදරයක් අහිමිව, […]
Category > සරසවිය
ආදරය කියන්නෙ පින්තූරයක් -Photograph
ආදරය පින්තූරයකැයි කීම හිත කළඹන සුළු විය හැකිය. එහෙත් දුර ඈතක සිටින විට සායම් ගිය ජීන්ස් පොකට්ටුවේ ඔබව සඟවා තබා ගත හැක්කේ පින්තූරයක් වූ විට ම පමණි. නැවත හමු වනු තුරු, යළි වැළඳගන්නා තුරු චලිතකකුදු නොමැතිව ජීන්ස් පොකට්ටුවත් ඇතුළත පෙම්වතාට සිටිය හැකිය. පොකට්ටුවෙන් බැස කර මාලයක ලොකට්ටුවක පවා ඔහුට සැඟවී සිටිය හැකිය. එහෙත් ඒ ආදරය […]
අත්තික්කා ගහ උඩ වඳුරු විප්ලවය
අත්තික්කා ගසේ ගෙඩි අනුභවය කිරීමට අයිතිය පවතින්නේ කාටද කියා පළමුව දැන සිටිය යුතුය. ඒ දැන සිටින්නට වඳුරු දේශපාලනය සුළුවෙන් හෝ දැන සිටිය යුතුය. රජු කවුදැයි ටක්කෙටම දැන සිටිය යුතුය. රජුගේ බිසෝවරු සහ පරිවාර ස්ත්‍රීන් ඇතුළු වඳුරු පැටවුන් සියල්ලෝම ගැන දැන සිටිය යුතුය. රැහේ 50ට ආසන්න ප්‍රමාණයක් සිටින විට එය දැන සිටීම එතරම් අපහසු නොවේ. තමන්ගේ […]
කළු සුදු ජීවිතවල මැකී ගිය වර්ණ -Black and whit and sex
ඇන්ජි ට ඇත්තේ මැරලින් මොන්රෝ වර්ගයේ කොණ්ඩයකි. ඒ රන්වනින් කැරැළි ගැසීගෙනය. එක් උරයක් පැන්නූ ටීෂර්ටය එක් උරයක තිසර පටයක ශේෂයක් පෙන්වයි. අව් කණ්ණාඩි ලාගෙන පැමිණි ඈ සිනාසෙමින් තම අත් බෑගය පිරික්සයි. කැමරාවට මුහුණ දී කතා කරන්නැයි අධ්යක්ෂවරයා පවසන විට ඈ කුඩා කෙල්ලක මෙන් විළිබරව සිනාසෙයි. කැරැළි කොණ්ඩය උඩට කෘත්‍රිම විදුලි ආලෝකය වැටී දිලිසෙයි. ‘මම ඇන්ජි. […]
ආදරය අත හැරීම සහ අල්ලා ගැනීම -The Lunchbox
ආදරය කෙතරම් ඉහළක සිට කඩා වැටිය යුතුද? ඒ කුඩා ගල් කැට විලාසයෙන් නොව ඉතා මෘදු මල් පෙති ආකාරයෙනි. එහෙත් මල් පෙති ඇද හැලෙන්නේ කුඩා ගල් කැට සමඟ නම් ආදරයට පෙරහන්කඩ දැමිය යුතුද? ෆිල්ටර්ගත ආදරයක් ඇතැයි සිතන ගෘහනියක ස්වකීය ස්වාමියාගේ අවධානය දිනා ගැනීම පිණිස කුමක් නම් කරනු ඇතිද? උදේ රැයින් කාර්යාලයට යන සැමියාට රස අහරක් තනා […]
ඡායාරූප ශිල්පයේ නිහඬ නාටකය
මගේ හදවත රිදුම් දෙන සේයාරුවකි. ඒ 1981-1983 කාලයේ බ්‍රසීලයයි. ‘මට මේ අයව හම්බ වුණේ මහ පාරෙදි. මං කාර් එක පැත්තකින් නවත්තලා ඒ අයත් එක්ක ගියා. කුඩා දරුවකුගේ මරණයක් ගෙන යමිනුයි ඒ අය හිටියේ. ඉතාමත් කුඩා මිනී පෙට්ටියක් එක් පිරිමියෙක් අපහසුවක් නැතිව ඔසවගෙන යනවා. ඊසාන දිග බ්‍රසීලයේ කුඩා දරුවන්ගේ හදිසි මරණ බහුලයි. බැප්ටිස් කරන්නත් පළමුවයි මේ […]
අති භයානක ඒ, තරුණ චෙලෝකාර මහත්වරු දෙදෙනා 2Cellos
මේ චෙලෝකරුවන් දෙදෙනා හුදෙක් වයන්නෝ නොවෙති. ඔවුන්ට ඇත්තේ සංගීතාත්මක උමතුවකි. තතින් තත බිඳ දමා තමන් වෙතට අවධානය යොමු කරවා ගැනීමේ මූලික සැලැස්මක් ඇත්තෝ දෙදෙනෙකි. යූ ටියුබ්ගත ගීත කවර අතර නිතර සෙවුම් අතර රැදෙන නමකි. ප්‍රකට ගායක මයිකල් ජැක්සන්ගේ ‘දේ ඩෝන්ට් කෙයාර් එබවුට් අස්’ සාමාන්‍ය සෙවුමකින් හමු වූවකි. මයිකල්ගේ සංගීත වීඩියෝවේ මෙන් අමුතු හැඩයක් ඇතිව කළ […]
සොරකම් කිරීමේ තුච්ඡ කලාව-Big eyes
සිතුවමක් සොරකම් කිරීම ගසකින් අඹයක් කඩන්නා සේ පිමි දෙකක් උඩ පැන කළ හැකිද? කෞතුකාගාරයක එල්ලා ඇති සිතුවමක් සොරකම් කිරීම ඊටත් වඩා අසීරුය. වෝල්ටර් කීන් සිදු කරන්නේ ඊට වඩා බරපතල, සාහසික හොරකමකි. ඔහු චිත්‍ර අඳින්නාගේ නම හොරකම් කරයි. ඉන්පසු තමන්ගේ නම සිතුවමේ ලියමින් අසීමිත ප්‍රසිද්ධියක් ලබා ගනී. ‘බිග් අයිස්’ හෙවත් ලොකු ඇස් ඇඳීම කෙරෙහි ප්‍රකට මාගරට් […]
රූපකවලින් ප්‍රේමය අවුළුවන නෙරූදාගේ ලියුම්කාරයා
‘මළ කෙළියයි. දාන්තේ’ අන්න එහෙමයි නෙරූදා ලියුම්කාරයාට කිව්වේ. ලියුම්කාරයා එක බැල්මෙන්ම කෙල්ලෙක්ට ආලය කරන්න පටන් අරන්. හැබැයි වචන පහයි කතා කරලා තියෙන්නේ. ඒකෙනුත් වචන දෙකක් කෙල්ලගේ නම අහලා ඒකම ආයෙ තමන් විසින් පුනරුච්ඡාරණය කරලා. එහෙම බැලුවම ලියුම්කාරයා කතා කරලා තියෙන්නේ වචන තුනයි. ‘කවුරු එක්කද පුතා?’ ‘එයාගෙ නම බියට්‍රිස්’ බියට්‍රිස් ගොන්සාලේස් කියන්නේ ටවුමේ බීමහලේ ගිනි සිළුවක් […]
උත්කෘෂ්ට සිතුවමක් හා පෙමින් බැඳීම Masterpiece
රිඳුම් ඇති වන්නේ ප්‍රේමය කුඩා අංශුවලට කැඩී බිඳී යාම නිසාම නොවේ. අතිශය අපහසු තැනක ප්‍රේමය රැඳවුණ විටය. පතුරු ජනේලයක එල්ලා තැබුණ උත්කෘෂ්ට සිතුවමක් මෙන් ඔබ සිටී නම් ඒ නැරඹීම පමණක් නොසෑහේ. සියල්ලෝ පැමිණ නරඹා ගියත් මට ඔබව මා කැමති තැන රැගෙන යන්නට ඇවැසිය. එහෙත් එවන් උත්කෘෂ්ට සිතුවමක් කෙලෙසක නම් චලනය කරන්නද? මේ විය නොහැක්ක කෙලෙසක […]