Category > සාහිත්‍යය

විකල්ප සාහිත්‍ය සයුරේ ගාලු කැළැඹීම

කල් වේලා ඇතිව ගියෙන් වෙනදා නොයන ප‍ටු පාරකින් මෙවර ගාලු කො‍ටුවට ඇතුළු වුණෙමි. සීතලය; මද පින්නක් සහිත සුළඟ ය; සමර ගොඩනැගිලිවල තැවරෙන්නට බලා සිටින උදෑසන අව්ව ය; මම ය. බයිසිකල්වලින් මන්දගාමී ගමනින් පාතරාසය ගෙනෙන්නට බේකරියට යන අය ය. පාට සිලි උරවල පාන් ඇතුළු වෙනත් සුළු කෑම ලාගෙන නැවත ගෙදර යන අය ය. ඒ අතර විදේශිකයෝ [...]

Continue reading

හදවතට සාහිත්‍යයික මූනිස්සම් එවන්න මං දන්නවා -මංජුල වෙඩිවර්ධන

හේ රවුල්කාරව, කුඩා ළමයකුගේ මෙන් වූ සිනහවෙන් යුක්තව මේ සංවාදය ඇ‍රැඹියේ යැයි කිව නොහැකි ය. මේ අ‍ථ්‍ය අවකාශයක සංවාදයකි. 1997 දී ෂේන් මැකෙල්වි සමඟ පළ කළ ‘නිරුත්තර සමාධිය’ කාව්‍ය සංග්‍රහය සියල්ලේම මූලයයි. ඉනික්බිති කාව්‍ය සංග්‍රහ හතක් පළ කරන්නට යෙදුණ මංජුල වෙඩිවර්ධන, 2000 වසරේදී ‘මේරි නම් වූ මරියා’ කෙටිකතා සංග්‍රහය නිකුත් කළේය. ක‍තෝලික සභාව මැදිහත්ව එය [...]

Continue reading

කියැවීමෙන් ශෝකයට පත් වෙන්න මම කැමති නැහැ -ඩැනියෙල් ස්ටීල්

ඩැනියෙල් ස්ටීල් ප්‍රකට අමෙරිකානු ලේඛිකාවකි. වැඩිම නවකතා ගණනාවක් අලෙවි වීමේ වාර්තාවට හිමිකම් කියයි. මෙතෙක් ලෝකය පුරා වැඩිම අලෙවිය ඇති ලේඛකයන් හතර දෙනාට ද ඈ ඇතුළත්ය. ඒ මිලියන 800ට අධික අලෙවියකි. නවකතා හැරුණු විට ළමා ප්‍රබන්ධ සහ කාව්‍ය ග්‍රන්ථ කිහිපයක් ද ඈ විසින් ප්‍රකාශයට පත් කර තිබේ. භාෂා 28ට ඇගේ කෘති පරිවර්තනය වී තිබේ. රූපවාහිනී කතාන්දර [...]

Continue reading

මං වැඩිපුරම ලිව්වේ මහා ජීවන අරගලයක් මැද්දෙයි -අනීතා දේසායි

කුඩා දරුවකු ලෙස අනීතා දේසායිට වුවමණා කළේ තමන් ලියූ පොත් ගෙදර පොත් රාක්කයේ තිබෙනවා දැකීමටය. නිකොලොයි ගොගොල්, ‍තෝමස් හාඩි සහ වර්ජිනියා වුල්ෆ්ට ආසන්නයෙන් අනීතා දේසායි ගේ ද පොත් කිහිපයක් තිබෙනවා දැකීමය. මේ පොත් කිහිපයේ සිහිනය මේ වන විට කෘති 18ට අයිතිවාසිකම් කියයි. බුකර් සම්මානය සඳහා ඇගේ කෘති තෙවතාවක්ම නිර්දේශ විය. 1978දී සාහිත්‍ය ඇකඩමි සම්මානය දිනා [...]

Continue reading

වෙනම සාහිත්‍යාලංකාරයක් ඉපැදවූ GLF

සමර ගෑ බිත්ති මත උදෑසන අව්ව ඇලවී සිටියෙන් ඒ මත සෙවනැලිය. ගාල්ල කො‍ටුව ඇතුළත උදෑසන මහත් කලබල ය. ජේත්තුවට ඇඳගත් මනාල යුවළ එකිනෙකා ලුහුබඳිමින් ෆොටෝ අල්ලනු පෙනේ. ඒ මැද ධාවනය වන මොරිස් මයිනර් රථය. ගාල්ල කො‍ටුවෙන් ඇතුළුව වීදි පසු කර, විශාල නුග ගස් පසුකර එක් වම් නැම්මකි. දකුණත් නැම්ම ‍රැජින පාරට ය. වම් නැම්ම දිගේ [...]

Continue reading

තාත්තා වගේ කෙනෙක් ඔබට පියාඹන්නට අත්ත‍ටු දෙයි

එයාට සර්ජි පොටපොව්ගෙන් කිසිම වැඩක් තිබ්බෙ නෑ මේ වෙනකන්ම. ඒත් ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙමින් ඉන්න අතරේ දවසක, සර්ජි පොටපොව්ගෙ රූපවාහිනී වැඩසටහනක් ගැන කියවෙනවා ඇහුණා. එහෙම ඇහුණටත් පස්සේ එයාට නම් ඔහේ නිකං ඉන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ. ඇයි ඉතිං මේ ඔක්කොටම මුල සර්ජි පොටපොව්නේ. එයා තමයි අම්මගේ ඉස්කෝලෙ කාලෙ යාළුවා වෙලා උන්නේ. යාළුවා කිව්වට ඒක හරි භයානක [...]

Continue reading

පොතක් ලිවීමත් එක්තරා විදියක හුදෙකලා කැරැල්ලක් තමයි -ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

පරිවර්තන කෘති 30ක් සහ, ‘සුවඳ තො‍ටුපොළ’ නමින් ස්වතන්ත්‍ර නවකතාවක් ලියූ ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද පරිවර්තන වංශ කතාවේ පරිච්ඡේද කිහිපයකම සිටින්නියකි. එහෙත් ඒ නිශ්ශබ්දවය.හොංකොංහිය. මුතු කරාබුවක් පැළැඳගෙනය. ඇගේ නවතම පරිවර්තනය කාලිඩ් හොසෙයිනිගේ ‘ඉක්බිති කඳුකරය දෝංකාර දුනි’ නමින් පසුගියදා නිකුත් විය. තත්කාලීන සාහිත්‍යයේ හැඩරුව සහ ඇගේ සාහිත්‍ය ජීවිතය පිළිබඳ කළ කෙටි සංවාදයකි මතු දැක්වෙන්නේ. *  ඔබේ ලිවීමේ ආශාව [...]

Continue reading

පිස්සු හැදෙන ක්‍රිකට් එක්ක චයිනමන් කියැවීම

ඔක්කොම වුණේ මළ ඉලව් ලුහුඩු දැන්වීමක් නිසා. ගෙයක් විකුණන්න, කාර් එකක් ගන්න, ඩැල්මේෂන් බල්ලෙක් ගන්න හරි නිවාඩු නිකේතනයක් හොයන්න වගේ නම් කමක් නෑ. ඒක ක්‍රිකට් ක්‍රීඩකයෙක් හොයන්නයි දාලා තිබ්බේ. අනික ඔබ්සවර් පත්තරේ. එහෙම කොහොමද හැංගිච්ච ක්‍රිකට් ක්‍රීඩකයෝ හොයන්නේ? මං නිකමට ආයෙම හිතලා බැලුවා. නෑ, එහෙම පුළුවනි ඇති. තොරතුරු අවශ්‍යයි. ප්‍රදීප් සිවනාදන් මැතිව්, ක්‍රිකට් ක්‍රීඩක 1977-83 [...]

Continue reading

චරිතයක් ඇතුළට ගිහින් මම වටපිට බලනවා -ශ්‍යාම් සෙල්වදොරෙයි

පළමු වැන්න බෝම්බයකි. ඒ ‘ෆනී බෝයි’ය. දෙවැන්න ‘සිනමන් ගාර්ඩ්න්ස්’ය. තෙවැන්න ‘ස්විමින්ග් ඉන් ද මොන්සූන් සී’ය. ඊළඟට ඔහු විසින් හෙළුවේ වර්ණවත් බිම් බෝම්බයකි. ඒ ‘හන්ග්‍රි ගෝස්ට්’ය. නිර්භීත ලිවීමක පසුවන හේ ශ්‍යාම් සෙල්වදොරෙයි ය. ඔහුගේ පළමු නවකතාව වූ ‘ෆනී බෝයි’ වෙනුවෙන් ප්‍රථම නවකථාව සඳහා වන Smithbook  සම්මානය ද හොඳම සමකාමී නවකතාව වෙනුවෙන්  Lambda සාහිත්‍ය සම්මානය ද ලබාගත්තේය. [...]

Continue reading

භාෂාව කියන්නේ මෙවලමක් විතරයි -කත්‍යානා අමරසිංහ

ඕ ප්‍රකට පරිවර්තිකාවකි. පුවත්පත් ලේඛිකාවකි. නවකතාකාරිනියකි. මේ කත්‍යානා අමරසිංහගේ  අභිනව ග්‍රන්ථය ‘නිළි වැස්ස’ නවකතාව අරභයා කළ හෘද සංවාදයකි. ඉතිහාස කතාවක් පසුබිමේ තියාගෙන කල්පිතයක් ගොඩනැඟීම කෙතරම් අමාරුද? මං ඒ අමාරුව ගැන හිතුවේ නෑ. මට අවශ්‍ය වෙලා තිබ්බෙ මගේ හිතේ තියෙන චරිතයක් වටා කතාවක් ගොතන්න. ඒ චරිතය මම ඉස්සෙල්ල ගොඩනැඟුවා. ඒ චරිතය ගොඩනැඟීමේදී මට වුවමණා වුණා නම් [...]

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com