Category > 360

කටුසු උතුමාණන්ගේ දිව දිග දඩයම

මැඩගස්කරයට තවත් එක් නිශ්ශබ්ද උදෑසනක් පතිත විය. ක්ෂුද්‍ර කෘමීහු තම තමන්ගේ ලෝකවල ය. තණකොළ පෙත්තන් ආදී අයවලුන් ස්වකීය දිගු පාද පරීක්ෂා කරමින් උදෑසන හිරු එළිය උරා බොමිනි. තවත් තැනක අපරීක්ෂාකාරී වන්දෙකි. තම ඕවලාකාර හිස වනමින් හෙතෙම ගීතයක් මුහුණන්නා දෙතොල් තර කර පියමින්, නැවැත විවර කරමින් උන්නේ ය. මේ සියල්ලට ම නුදුරින් ඉන්නේ දඩයක්කරු ය. ඒ [...]

Continue reading

ජීවිත කැලැන්ඩරය දිගු කරගත් එළුවෙක්

එළු පවුල තුගු ගිරි කුළ මත වාඩිලාගෙන උන්නේ කැමැත්තෙනි. මළ මුහුද ආසන්නයේ පිහිටි මේ මාරාන්තික ගිරි කුළ සිහි කල්පනාව ඇති කිසිවකු වාසස්ථානය ලෙස තෝරා නොගන්නකි. එහෙත් අයිබෙක්ස් වර්ගයේ එළුවන්ට මෙවන් තැන් ඉතාමත් සාමාන්‍ය ය. පැතැලි පොළොවක ඇවිද යන්නාක් මෙන් ඉතාමත් පහසුවෙන් ඔවුන් මේ කඳු බෑවුමේ ඇවිද යයි. මේ උදාව ඇත්තේ මාර්තු ව යි. අවට පරිසරය [...]

Continue reading

නැ‍ටුමකින් පටන් ගත් පාත්ත තරුණියගේ ස්වයංවර මංගල්‍යය

නැ‍ටුම් ශිල්පියාත්,ශිල්පිණියත් ජල තටාකයේ ඉතා සැහැල්ලුවෙන් පීනා යන්න වූයේ නැ‍ටුමට පෙර මද සැහැල්ලුවක් ලබා ගත යුතු යැයි සිතාගෙන සිටි බැවිනි.කාලගුණය ඉතා යහපත්ව තිබූයෙන් ඉක්මනින් නැ‍ටුම් සංදර්ශනය පටන් ගැනීමට උවමනාවක් නොතිබුණි. ඔරිගන් විලේ සැහැල්ලුවෙන් පීනා යමින් සිටි ග්රේබ්ස් වර්ගයට අයත් පාත්තයෝ තම ස්වයංවර මංගල්‍යයට ලෑස්ති වෙමින් සිටියෝ ය.මේ නම් ඉතා ම සැලකිල්ලෙන් කළ යුතු කාර්යයකි.මන්දයත් ජීවිත [...]

Continue reading

ලැමගායර ගිජුලිහිණියන්ගේ ඇටක‍ටු කුඩු කරන වැඩපොළ

ලැමගායර් ගිජුලිහිණියා කුඩා අහස් යාත්‍රාවක් මෙන් අඩි 9 ක් දිග ස්වකීය අත්ත‍ටු අහසේ පතුරමින් පියාසැරියේය.පහළින් පෙනෙන්නට ඇත්තේ ඉතියෝපියාවේ සිමියන් කඳු ශිඛරයයි.අඩි 15 000 ක උසකින් යුක්ත මහා කඳු ශිඛරය උඩ බලාගෙන උන්නේ මහත් උඩගුකමකිනි.කුරුල්ලන්ට වුව තම තමන්ට ඕනෑ ආකාරයට අහසේ පියාසර කිරීමට ඉඩ දිය යුතු නැතැයි සිතන්නා සේ ඔරවාගෙන ඔහේ ලැග සිටි කඳු පන්තිය තඹේකට [...]

Continue reading

මුඩු බිමක් කම්පා කළ පිනි මුව අම්මාගේ ළසෝ ගීතය

ආක්ටික් හිම කතර තට්ට හිසක් මෙන් ශූන්යමය.මෙහි ආහාර සොයා ගැනී ම අතිශය දුෂ්කර ය.විශාල සත්ත්වයන් කිහිප දෙනෙකුට පමණක් යන්තමින් දිවි ගැට ගසා හැකි තරම් දුෂ්කර මුඩු බිමක් වූ හෙයින් පිනි මුවන් සංක්‍රදමණය කිරීමට කතිකා කර ගති.මේ වස්සානයේ අග කාර්තුවයි.ඉර එළිය එතරම් කරුණාවන්ත නැති අතර මිලියන අටක පිනි මුවන් ජනාවාසයක් උතුර බලා යාම ඇරඹී ය. ආහාර [...]

Continue reading

පොඩ්ඩන්ට කෑම හොයන්නට ටියුෂන් දෙන මුගටි ලොක්කෝ

කලහාරි කාන්තාරය අනුකම්පාවක් නැතිව අධික රශ්මිය බෙදා හරින විට මිරර්කැට් නමින් හඳුන්වන මේ මුගටි ගම්මානය නිකම් සිටියේ නැත.ළිං හාරන්නා මෙන් පොළොවේ තැන් තැන්වල කුඩා කුහර හාරමින් ඔවුන් සිටියේ වැදගත් කාර්යයක ය.බීමත් මිනිසුන් මෙන් සමබරතාවයක් නොමැතිව ඔහේ හිට ගෙන උන් කිහිප දෙනෙකු සක්මන පටන් ගති.40 ක පමණ රංචුවක් එකිනෙකා ගේ මුහුණු බලමින් කුමක් හෝ වැදගත් කාර්යයකට [...]

Continue reading

මුගටියෙකුගේ තරමට වැඩි ‘හා’ දඩයම

කොළ ගොන්නක් සොලවමින් කවුදෝ නැ‍ටුමක ය.කුඩා හිසක් මතු විය.දීප්තිමත් දෑසක් විමසිල්ලෙන් බලා සිටින්නේ ආසන්නයේ වූ පදුරක් දෙස ය.බැලූ බැල්මට එතැන කිසිවක් නැතැයි සිතන්නට හැකි අපට ය.ජුවෙනයිල් මුගටි පැටියා නම් එතැන සිටින්නේ කවුදැයි හරියට ම දනී.ඔහු ගේ සහෝදරයා එතැන රහස් සෙල්ලමක ය.තමා මහත් ඉවසිල්ලෙන් සිට ඔහුව අතට ම අල්ලා ගැනීම ක්‍රීඩාවේ ස්වාභාවයයි.සර්කස්කරුවෙකු මෙන් සහෝදරයා තම දිගැටි ශරීරය [...]

Continue reading

පෙන්ගුවින පැංචන්ගේ මරණීය පිහිනීම

ඇන්ටාක්ටිකාවට සීතල ගැන වැඩි තැකීමක් නැති.අයිස් මත ඉපදි පෙන්ගුවින් ජනාවාසයටද සීතල ගැන තැකීමක් නැති.දහස් ගණනින් පෙන්ගුවින් පොඩ්ඩන් රැළියකට සහභාගි වන්නාක් මෙන් ඇවිද යනු පෙනේ.කළු තොප්පියක් වැනි හිසත්,දෙපසට අහස් යාත්රා තටු මෙන් විහිදි අත්තටු යුගලත් තාලයකට සොලවමින් ඇවිද යන පොඩ්ඩන් මේ යන්නේ සෙල්ලම් ගමනක් නම් නොවේ. මොවුන් හදුන්වන්නේ චේන්ස්ට්රැප් පෙන්ගුවිනයන් යනුවෙනි.හිසට මඳක් පහළ ප්‍රදේශයේ සිහින් කළු [...]

Continue reading

චීටා සහෝදරයන්ගේ පැස්බර දඩයම

පැස්බර මැතිණිය රූප සුන්දරී තරඟයකට සහභාගි වන්නාක් මෙන් උඩගුකමකින් තම ගමන පටන් ගත්තීය.ඕ තරබාරු ගැහැනියක මෙන් වමටත්,දකුණටත් මහත් වගකීමෙන් පැද්දෙමින් වනාන්තරයේ එළිමහන් භූමියක ආහාර ගනිමින් ඇවිද ගියේය.ඈට පියවර හය හතක් පිටුපසින් ආවේ එතරම්ම තරබාරු නැතත් වඩා ශක්තිමත් ශරීරයක් ඇති ඇගේ ප්‍රිය පැස්බර සැමියාය.මොවුන් දෙදෙනාම වියළී ගිය තණකොළ අතර ඇති ළපටි කොළ කමින් සිටියේ තව මොහොතකින් [...]

Continue reading

හයිනාවන්ට බය සිංහයන්

හයිනාවෙකු ලේ සුවඳ දිගේ භයානක ගමනක් යන්න ඉක්මන් තීරණයක් ගති.වෙනදා පුරුදු ලෙස ම අප්‍රිවකාවේ සැවානා තණ බිමට ඉර පායා තිබුණි.හොඳින් වැඩුණු සිංහයන් තිදෙනෙකු මරා ගත් මුවෙකු අනුභව කරන්නට පටන් ගත්තේ මෙන්න මෙවිට ය. ලේ වැකුණු මුව මළ සිරුර බිහිසුණු ලෙස තියුණු දත්වලින් ඉරා කමින් උන් සිංහයන්ට හාත්පස පරිසරය ගැන එතරම් උනන්දුවක් තිබුණේ ම නැත.එහෙත් හයිනාවෙකුට [...]

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com