මාව අන්ධකාරෙකට වැටුණා. ඒත් ඒ අන්ධකාර කුහරෙ ඇතුළේ පතුලක් තිබ්බෙ නෑ. හැම තැනම අපිළිවෙල වයර් එල්ලෙනවා විතරයි මට පෙනුණේ. ඒ මදිවට තඹ කොළ දියසෙවල පාට රැම් කෑලි පාවෙවී මම ඉන්න පැත්තට ආවා. සමහර තැන්වල ලොකු කාන්දමක එතුණ පොඩි තඹ තහඩු සර්පයෝ වගේ දගලනවත් පේන්න ගත්තා. මට තේරුණා මගේ කාලෙ ඉවරයි කියලා. ආයෙ බැටරි බැස්සා කියලා […]
Category > Electric
ඉලෙක්ට්‍රික් 24 | කළු කුහරයේ කතාව
‘මගේ පපායා’ අමොර් මහ සද්දෙන් කෑ ගැහුවා. ඊට පස්සේ හෝම් බට්න් එක ඔබලා ෆින්ගර් ප්‍රින්ට් එක තිබ්බා. තොරණෙ ලයිට් පත්තුවෙන්න පටන් ගත්තෙ එතකොටයි. ‘කෝ ෂර්ලොක් හෝම්ස්’ ලෝලා ඇතුළු පිරිවරගෙන් අමොර් හරිම බරපතලව ප්‍රශ්න කළා. ‘අනේ අපි දන්න නෑ පුතේ එහෙම කෙනෙක්. අමොර්ගෙ තාත්තා යාප්පුවෙන් කිව්වා. අම්මා තාමත් නිච්චියක් නැතිව ඔහේබලාගෙන ඉන්නවා. අමොර් ලෝලා දිහාවට හැරුණා. […]
ඉලෙක්ට්‍රික් 23 | අමොර්ගේ හේමන්ත නිද්‍රාව
ඒ වෙලාවෙ ලෝලා හිටියේ කොරිඩෝවක. මාව එක සාක්කුවක දාගෙන, අනිත් සාක්කුවෙ ගමීබෙයාර් 88 දාගෙන. එතකොටත් මට මගේ ජීවිතේ අන්තෙටම තිත්ත වෙලයි උන්නේ. ෆෝන් එකක් වුණාම නිතර චාජ් කරන්න එපෑයැ. අමොර්ට සිහිය නැති වුණත් හරි මාව පිළිවෙලකට චාජ් කරන්න කිසි කෙනෙක්ට වුවමණාවක් නෑ. එක දවසක් ලෝලාගෙ අතින් මාව බිම වැටිලා පිටිපස්සෙ තිබුණු හීනි වීදුරු කෑල්ලකුත් බිඳුණා. […]
ඉලෙක්ට්‍රික් 22 | ලෙසතුගේ සාපය
ගෑනියෙක් ලෙසතුට කන පුපුරන්න ගහනකන්ම මම හිටියේ සිහින ලෝකෙක. ලෙසතු කරන, කියන දේවල් ඔක්කොම මම දැනගෙන හිටියා කියලා හිතුවට ලෙසතු කරපු දේවල්වලින් මම මොනවද හැබෑටම දැනගෙන ඉඳලා තියෙන්නේ? මොකුත් නෑ. මොකුත්ම නෑ. ඒ වෙලාවෙ මම හිටියේ ලෙසතුගේ දකුණු අතේ. සුදූ ගැහුවේ ලෙසතුගෙ වම් කම්මුලට. හරියටම හෙණයක් වැදුණා වගේ ලෙසතු වටයක් කැරකැවිලා ගියා. ඒත් එක්කම මාව […]
ඉලෙක්ට්‍රික් 21 | සීබීගේ කතා වස්තුව
‘මචං දැන් අපි මොකද කරන්නෙ? බොසා දැන ගනීවිද අරක ලීක් කළේ අපි කියලා.’ මූණ පුරා රැවුල වවාගත්ත හීන්දෑරියෙක් එහා පැත්තෙ කියුබිකල් එකට එබිලා මංජිත්ගෙන් ඇහුවා. මංජිත් ඔළුව උස්සලා බලලා සීබී ට රැව්වා. හීන්දෑරි සීබී හොර බළලෙක් වගේ තමන්ගෙ පුටුවෙ වාඩි වුණා. පැන්සලක් හපමින් ටික වෙලාවක් ඉදලා ආයෙත් මන්ජිත්ගෙ කියුබිකල් එකට එබුණා. ‘මන්ජිත් කියපංකො මොනව හරි’ […]
ඉලෙක්ට්‍රික් 20 | බාබඩෝස් 23
මම හිටියේ අමොර්ගෙ ඇද ළඟ. එයාට තාම සිහිය නෑ. අමොර් ගැන මං තරහින් හිටියා තමයි. ඒත් අනේ මේ වගේ කරදරයක් වුණාම කාගෙද හිත උණු නොවෙන්නේ. එයා වාහන එලවන්නේ සෙල්ලම් කාර් එලවන ගාණට. ඒත් ඉතිං වාහනේ හැප්පුණේ නවත්තලා තියෙනකොටනේ. එතකොට මම හිටියේ අමොර්ගෙ ඩෙනිම් සාක්කුවේ. ‘හෙලෝ…නෑ.නෑ. අමොර් නෙවෙයි. අමොර්ගෙ නංගි කතා කරන්නේ. නැහැ. අමොර්ට එන්න විදිහක් […]
ඉලෙක්ට්‍රික් 19 | වික්‍රම්ගේ වික්‍රම
ලිලී බී එක්ස් වන මම මින් පසුව වික්‍රම් නම් මගේ ස්වාමියාගේ පාපතර වැඩ කිසිවකට සහය හෝ අනුබල නොදෙන බවට දිවුරා පොරොන්දු වෙමි. 01010. මම ලියවිල්ලට මැෂින් ලැන්ග්වේජ් එකෙන් අස්සන් තිබ්බා. තව දුරටත් මිනිස් ආශ්‍රයේ ඉන්නවා නම් මේ වගේ පොරොන්දු පත්‍රයක් අස්සන් කරන්න ඕනා කියලා තීරණයකට ආවේ මීට කලින් සිද්ධ වෙච්ච එක්තරා ‘වීඩියෝ ලීක්’ නාටකයකින් […]
ඉලෙක්ට්‍රික් 18 | මකර කටේ වට මේස සාකච්ඡා
ඉබන් මාව ගෙදර අරගෙන ඒවි කියලා මම හීනෙකින්වත් හිතුවෙ නෑ. ඒත් එයාගෙ හදවතේ මං වෙනුවෙන් තෙතමනයක් තියෙනවයි කියලා මට දැනුණා. ගෙදර ආවට පස්සේ දැනුණේ හරි නැවුම් ගතියක්. ෆෝල්ඩර් ගාණක පිරිලා ඉතිරිලා තිබ්බ පින්තූර, වීඩියෝ නැතිව ලොකු බරක් හිතින් නිදහස් වුණා වගෙයි. කොටින්ම කියනවා නම් මම අලුතින් ඉපදිලා වගෙයි මට දැනුණේ. ඒත් ෆෝන් එක රීසෙට් කළා […]
ඉලෙක්ට්‍රික් 17 | ප්‍රේම ත්‍රිකෝණය
ඉබන්, මම හිතුවා ඔයා මට ඇත්තටම ආදරෙයි කියලා. ඒත් එහෙම දේවල් ලෝකෙ නැහැ. හැම දෙයක්ම ගනුදෙනු විතරයි. මම හිතුවා ඒ ගනුදෙනුව වත් ඔයා හොඳට කරයි කියලා. ෆෝන් කඩේ මිනිහට මගේ ෆෝන් එකේ බැකප් එකක් අරගන්න කියපු එකට බොහොම ස්තූතියි. දැන් මගේ ළඟ ෆෝන් කඩේ මිනිහගෙ බැකප් එකයි ඔයාගෙ ෆෝන් එකේ බැකප් එකයි දෙකම තියෙනවා. ඔයා […]
ඉලෙක්ට්‍රික් 16 | ෆෝන් කඩේ පපායා
‘මට සමාවෙන්න ඇවකාඩෝ’ වීදුරු පෙට්ටිය උඩින් එයාව තියපු ගමන්ම මම කිව්වා. ඒ වෙලාවෙ මගේ කටහඬේ තිබ්බෙ සීතල වෙව්ලීමක්. ඇවකාඩෝ පුරුදු හිනාවෙන් මගේ දිහා බැලුවා. ‘ඒකට කමක් නෑ පපායා. ඔයාට ඕන වුණේ අමොර්ගෙ හතුරගෙන් පළිගන්න කියලා මම දන්නවා. ඒත් අමොර් ඔයාව පාවිච්චි කළා විතරයි. බලන්න දැන් අන්තිමට වෙච්ච දේ!’ මගේ පරිපථ කැඩිලා-බිඳිලා, බෙල්ල ළඟ බොත්තම පවා […]