Category > Uncategorized

දිය සුළිය ඇති තැන

කිහිප විට දිය සුළිය ඇති තැන සිහිසුන් වන තෙක් ගසාගෙන ගොස් ඇති විට කෘත්‍රිම ශ්වසවයෙන් එකිනෙකා ජීවත් කළ විට නොගැඹුරු ගංගාවක එහෙත් ඉවුරක පා පැකිලී මිය යා යුතුද අප

Continue reading

ඊයා අනේ කැත කවි

රස නැතුවාට මා එවූ පෙම්පත පලිගන්නේ මෙහෙමද ඔබ එවා මට විස පෙවූ ඊතලයක් ඒ මදිවාට හතර පද කවියක්  ඇයි බැරි දුන්නකින් විදින්න මට බෑ විස අල්ලන්න ඊයා අනේ කැත කවි බැරිද නිසදැසක් වත් ලියාගන්න මට බෑ මේවා ගයන්න ඕනෑ නම් තැටිගත කර එවන්න මෙහෙමද ඔබ පලිගන්නේ මගෙන් මට ඕනෑ තව දරුණු පෙමක් විස ඊතල විදින [...]

Continue reading

Beastly

ප්‍රේමයට අවලස්සන හැඩයක් තිබිය හැකිද  මායාකාරියකට පෙම්වතෙකුට සාප කළ හැකිද කාලය ඔබව මනින්නට බලා සිටියි ඉසුයුම් නාද තරංගයක්ව ඔබ ගැයෙන්න පෙම්වතා විරූපී බව නොදකින්න වමතේ සිට මුලු ශරීරයටම අතු විහිදා වැඩෙන ගසක ළපල්ලක් වන්න මල් පුබුදන්න ඒත් මදෙස නොබලන්න මායාකාරියට මල් දෙමිටක් අවලස්සන කළාට පෙම්වතාව එක ම මැජික් පණිවුඩයක් ඔබේ දෙතොලින් වචන තුනයි ආදරේ බව [...]

Continue reading

මෙගා

එහා ගෙදර ඇන්ටනාව නිතර මෙහා පැත්තට නැවෙන අම්මාටම උසුළු විසුළු කරන අපිට නෑසෙන්න හෙමිහිට ‘කෝ දැන් නැෂනල් ජියොග්‍රැ‍ෆික් ඇයි ඉංගිරිස් බයිස්කෝප් යන ස්ටාර් මූවීස් ‘ අම්මා රකියි මුණිවත ගෙතුළට වැදී ලක්හඩ අහමින් රාත්‍රියට සද්දෙ වැඩි වන සංසලා සද්දෙන් එහා ගෙදරින් හිනහෙන අම්මා එවිටත් ලක්හඬ අහන ‘ටීවී නම් නැතුවත් කම් නැත බලන්න තියෙන නිදහස අර ඇන්ටනාව [...]

Continue reading

තෝරා ගන්න

මේ සිහිනය උදුරාගන්න නැත්නම් වැරදීමකින් පෙනෙන්නට හරින්න කැමැත්තක් කරන්න නොපෙනෙනු පිණිස මා අන්ධ කරන්න නැත්නම් දැනටමත් මා අන්ධ බැව් පවසන්න ඔබට කැමැත්තක් කළ හැක අඳුරු කුටියක සදහටම මා සිර කරන්න නැත්නම් මගේ කුටිය හොඳටම අඳුරු බව පවසන්න ‍තෝරා ගන්න මට වස බිංදුවක් බොන්න දෙන්න සයනයිඩ් කන්න බල කරන්න නැත්නම් ලාදුරු හැදී මා මිය ගිය බව [...]

Continue reading

No 50

අංක පනහ දුම්රියෙන් යන්නම සිටි ගමන මඟ හැරැණි  මා වෙනුවට වෙනත් අයෙක් මා විලසින්ම බෝම්බද අක්‍රීයය මැරෙන්නට ක්‍රමයක් වෙනත් විදිහක් දනී නම් නොසගවා කියනු අසිපතක් හෙව්වාට ලැබූ එක මොට්ටය වස විසක් වුණත් නරකම නැත චුයින්ගම් වෙසින් එනවා නම්

Continue reading

ගිනි

මකර තොරණ යට ගිනි දැල් කොහොම පසු කරන්නද මට බයයි පිච්චෙන්න  කඩු උස්සාගෙන තවත් අය කුලුණු උස්සන ලැජ්ජ නැති පුංචි මිනිස්සු ගින්දර ගින්දර තොරණ යට හරිම ගින්දර අනේ එවන්න බැරිද ගිනි නිවන යන්තරයක් පුංචි එකක් ස්වීට් එකක් රෝස පාට එකක් ඉක්මනට

Continue reading

කොණ්ඩ කුරුල්ලෙකු

කොණ්ඩ කුරුල්ලෙකු මගෙන් කොණ්ඩය ඉල්ලන දිනපතා කීචි-බීචි ගාමින් අත පය විසිකර මට බනින අම්මාට ගතු කියන බොරුවට හිස ඇල කර අහිංසක හිනා පෙන්වන තක්කඩියා උඹ මගේ කොණ්ඩයම පතන අම්මා කියන ‘දීලා දාන්න ඔන්න ඔහේ ඉල්ලන එකමනෙ වැඩේ’ මම නිතර ඔබට රවන ඔබ නිතර මටම සිනාසෙන කොණ්ඩ කුරුල්ලෙකු ගොලු බසින් අපේ සාලයේ වැඩ වසන ඉද හිට [...]

Continue reading

රහස් යතුර

රහස් යතුර තවම මා ළඟ ඒ කුඩා දිවයින අගුලු ලා ඇත සියක් වර ළඟා වී නැවත හැරුනෙමි රහසින් ඇතුළු වී පලක් නැත විසල් පොරොවක් සොයා ගෙන දොරගුලු විවර කරමි ඇතුළු නොවීම පලා යමි බියසුලුකමට සිනාසී ඩිජිටල් අගුලක් දමා ගන්න රහස් යතුර උණු කර මම රූපෙට රූපයක් තනා ගමි ඕනෑම විට බලාගන්න හරි කැතට

Continue reading

එම්බා බම්බලපිටිය

චපල අව් ‍රැල්ලකින් වැසුණු එම්බා බම්බලපිටිය කහ ඉරි මත ඇඳි මිරිඟුව මකනු තොප මහා නරුමයෙකි අපිව වතුර සොයන්නම පොළඹවන  අත් අල්ලා එහා පැත්තට බය වැඩි නම් අතැඟිලි අල්ලනු බය වැඩිම නම් බඳ වටා අත දමනු එම්බා බම්බලපිටිය එම්.සීයේ වතුර බෝතල ඇත කහ ඉරේ බොරු මිරිඟුවට අපි පයින් ගසන්නෙමු ලජ්ජා වනු ! ලජ්ජා වනු ! ඕනෑම [...]

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com